අඩ්සෙන්ස් සේල් කතුවරයාගේ කාලය හොරු ගනී..
ඉතිං මගෙ යාලුවනේ මේ කතාවට ඔයාල මගෙත් එක්ක අමනාපවෙන්න එපා.. මොකද මම මේ අඩවියේ මෙහෙම දෙයක් පලකිරීමට අදහස් කලේ ඔයාල නොදැනුවත්වම ඔයාල අතින් මට පුංචි වරදක් වන නිසා...අනේ වස්තුවේ මම මේ කතාව කියන්නෙ හැමෝටමත් නෙවෙයි හොඳද...
ඔයාල දන්නවද මට දිනකට මගේ දුරකථනයට call 15 ක් 20 එනවා adsense සම්බන්දව...
ඉතිං සමහර දෙනෙක් එක කෝල් එක පැය 1ක් 2ක් කතා කරනවා Email එක හදන තැන ඉදල බ්ලොග් හදල ඇඩ්සෙන්ස් ගන්න තැනට එනකන්.. සමහර අය මාව බ්යිට් එකටත් ගන්නවා...
ටිකක් හිතන්න දරුවනේ..... ඔයා එක ඇමතුමක් අරන් පැයක් කතා කරා කියල ... ඉතිං ඔයා වගේම තව 10 දෙනෙක් මට දවසකට කතා කරා කියල හිතන්න...
එතකොට මගේ වටිනා කාලයෙන් පැය 10ක් ඔයාලට මම දෙනවා.... ටිකක් හිතන්න මම වගෙ කෙනෙක්ට දිමනකට කොපමණ වැඩ තොගයක් තියනවද? ඒ වැඩ ටික කරන්නෙ මම කොයි වෙලාවෙද කියල ඔයාම හිතන්න... එහෙම මාව වෙහෙසවන එක වැරදී නේද?
ඔයලගේ තියන ඕනිම ගැටළුවක් මට කියන්න ඒ හැමදෙයකටම මම උත්තර දෙන්නම් හැබැයි කාලය එච්චර ගන්න එපා...
උපරිම විනාඩි 5ක් විතර අරන් ඔයාගෙ ගැටලුව ඉදිරිපත් කරන්න.. එතකොට ඔයාටත් පහසුයි මටත් පහසුයි එහෙම නෙද?
එහෙම නැතුව එදා ඉදල කරපු දේවලුයි කාපු බීපුවයි කතා කරා කියල අපි දෙපැත්තටම වැඩක් නෙහැනේ...නේද?
ඔයාට දැනගන්න ඕනි විශේෂ දෙයක් තියනවනම් මාව මුනගැහිල කතා කරන්න.. ඒක කිසිම ගැටළුවක් නෑ මට..
එහෙම නැත්නම් මම ඔයාට තවත් සේවාවක් ලබා දීලා තියනවා.. ඒ අපේ ඇඩ්සෙන්ස් පංතිය.. දිනයක් වෙන්කරගෙන මට කියන්න මම ඔයාගෙ ගෙදරටම ඇවිත් සියල්ල කියල දෙන්නම්..
ඇඩ්සෙන්ස් පංතිය ගැන දැන්ගන්න මෙතන ඔබන්න.
හරි එහෙනම් මම ගියා.. ආ ඊට කලින් කියන්න ඕනි මම මේ ලිපියෙන් කියපුදේවල් විශේෂයෙන් කිව්වෙ මේ වෙබ් අඩවියෙන්ම හදුනා ගත්
අපේ සුරංග මල්ලි
අපේ දිලිප් මල්ලි
අපේ සේනුක රසාංජන මල්ලි
අපේ චන්දන මල්ලියා (දඩි බිඩිස්) හි හි හි෴
වගේ අයට නෙවෙයි හොදේ....
මොකද මට ගොඩක් හිතවත් අය ඉන්නවා ඇඩ්සෙන්ස් සම්බන්දව ඒ අතර කීපදෙනෙක් තමයි මේයාලා.. අනිත් අයගේ නම් දැම්මෙ නැති උනාට මගෙත් එක්ක තරහ වෙන්න එපෝ.....
එහෙනම් ජයවේවා ඔයාට.....!!!
අනේ මටත්..
No comments