ඔන්න අද මම කියන්න යන්නෙ කොහොමද Google Webmaster Tool වෙත Site Map එකක් යොමු කරන්නෙ කියන් එක ගැනයි..
අපි ඊට කලින් බලමු Google site Map එක කියන්නෙ මොකක්ද? මේකෙන් වෙන වාසිය මොකක්ද? කියනෙ දේ..
Google Webmaster Tool/Site Map කියන්නෙත් Google analytics වගේම දෙයක් මේකෙන් වෙන්නෙත් Google Index එක වෙත ඔයාගෙ බ්ලොග් එකේ තියන විස්තර යොමු කරන එක තමයි....
හැබැයි Webmaster Tool/Site Map එක Google analytics වලට වඩා ටිකක් දියුණු තාක්ෂනයක් මොකද Google Webmaster Tool/Site Map එක තුලින් අපිට පුලුවන් ඕනි නම් අපේ බ්ලොග් එකේ තියන සමහර පුද්ගලික ලිපි ගූගල් සෙවුම් යන්ත්‍රයට නොයවා block කරන්නත්.. මෙහෙමත් දෙයක් තියනව මේ දේවල් මම කියනවට වඩා බර වචන දාලා කියන්නත් පුලුවන් නමුත් මම හිතන්නෙ මේ විදියට කිව්වහම ඔයාලට තේරුම් ගන්න පහසු වෙයි කියල මම හිතනවා..
හරි දැන් අපි පියවරෙන් පියවර බලමු ඔයාලගෙ බ්ලොග් එකට Webmaster Tool/Site Map එකක් යොදන ආකාරය..
Google webmaster Tool වෙත Site Map එක යොමු කරමු.
මේ ලිපිනයට යන්න මුලින්ම.
http://www.google.com/webmasters/
ඔන්න දැන් Google Webmaster වලට ඔයාගෙ බ්ලොග් එකේ Email And Password දීල ලොග් වෙන්න..
පහත රූපය බැලීමෙන් ඔබට එය වඩාත්ම පහැදිලි වෙයි..
![]() |
| පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
දැන් ඔයාට පහත ආකරයේ පිටුවක් ලැබෙයි.. එතන ඔයාගෙ බ්ලොග් එක මේ විදියට පෙන්වයි.. එහෙම පෙන්නුවෙ නැත් නම් add site කිඉයන බොත්තම ඔබල ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එක දීල add කරන්න.
![]() |
| පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔන්න දැන් හරි ඉහත මම දාල තියන IMAGE එකෙ මම මාක් කරල තියන් ඕනි තෙනක් ක්ලික් කරල Google Webmaster Tool Dashboard එකට එන්න. අන්න එතන මෙන්න මේ විදියට ඔයාට පෙනෙන්න ගනී..
![]() |
| පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
දැන් මම ඔය රවුම් කරල තියන තැන ඔබන්න.. ඔබපුවහම Webmaster Tool/Site Map එක දාන්න තැනක් එනව. ඒක ඔයාට පහත රූපය හරහා වඩාත්ම පැහැදිලිව බලා ගන්න පුලුවන්..
![]() |
| පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
හරි ඔය window එකේ මම රවුම් කරල තියන add/test sitemap කියන බොත්ත්ම ඔබන්න..
ඔන්න දැන් ඔයාට site map එක යොමු කරන්න තැනක් එයි.. ඔය රූපයේ මම පෙන්නල තියෙන්නෙ ok.. ඔන්න දැන් මම පහතින් දීල තියන site map එක ඔතනට past කරන්න..
http://YOURBLOGNAME.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500
ඔය විදියට site map එක යොමු කරන්න(http://YOURBLOGNAME.blogspot.com/) මේ ටික අවශ්‍යය නෑ ok.
දැන් submit site map බොත්තම ඔබන්න. එතකොට එන pop up window එක refresh කරන්න.. දැන් ඔයා සාර්තකව site map එක හදල ඉවරයි.. සති 3කින් විතර Google Webmaster Tool deshbord එකට ලොග් වෙලා බලන්න.. ඔයාගෙ ලිපි google index එකට යොමු වී ඇති අයුරු ඔබට බලා ගත හැකි..
හරි දැන් ඇති.. අඩු පාඩු වැරදි තියනවනම් comment කරල කියන්න..
එහෙනම්
ජය වේවා...!!!
Happy bloging.....!!!





No comments