Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » පුංචි වැඩයි සල්ලි ගොඩයි
«
Next
Newer Post
»
Previous
Older Post

අභාගේ ඉවරවෙලා දාන පලමුවෙනි කුප්පියයි මේ.මේ වෙබ් අඩවි ගැන ගොඩක් කලින් ඉදන්ම ලියන්න හිතාගෙන හිටියේ, ඒත් දැන් තියෙන අඩවි ආවෝ ගියෝ. සල්ලි ගත්තා, පැන්නා. ඒ නිසා ටිකක් කල් ඇරපුවාම ස්ථීරව තියෙනවා, විස්වාසයි කියන වචන දෙක කියන්න පුලුවන්නේ. මං නම් හිතන්නේ නෑ, මේ ලිපිය කියවන කවුරුන්හෝ තවමත් PTC පස්සේ දුවනවා ඇති කියලා. ඒවා හුදෙක් වංචාකරුවන් උදෙසා පමනයි නොවැ. දැන් සල්ලි හොයන්න තියෙන

ලේසිම, හොදම ක්‍රමය තමයි minijob කිරීම. ගොඩක් අය දන්නවත් ඇති, සමහරවිට නොදන්නවත් ඇති. elance, odesk, freelancer වගේ අඩවි ටිකක් ඉහල මට්ටමේ වැඩ සදහා නොවැ තියෙන්නේ. ඒ නිසා තමයි මේ වෙබ් අඩවි දැන් නැගලා යන්නේ. සේවාලාභියාටත් පහසුයි. සේවා දායකයාටත් පහසුයි. ඒත් කොච්චර කීවත් අපිට මේවාගෙන් හොයන්න පුලුවන් සුලු මුදලයි, මේවාට කාලය නාස්ති කරනවාට වඩා ඉහත කී උසස් මට්ටමේ වෙබ් අඩවි හා එක්ව කටයුතු කරන්න පුලුවන්නම් තමයි නුවනට හුරු. ඒත් ලොකු කාලයක් මිඩංගු කරන්න නැති අය මේ වැඩවලටවත් බහින්න. ඒකටයි මේ කුප්පිය.

Mini Job අඩවි වල යාන්ත්‍රනය

අපේ වගේ දුප්පත් රටවල් තාම එකම ඇඩ්වර්ටයිසින් මාධ්‍ය ලෙස රූපවාහිනී, රේඩියෝ යොදාගත්තත්. සුද්දන්ගේ රටවල මූලික වෙලා තියෙන්නේ අන්තර්ජාලය හා බැදුනු සමාජ ජාලා වෙබ් අඩවි. facebook, youtube, twitter, myspace ඒවාගෙන් කිහිපයක් පමනයි. මේවා හරහා තමන්ගේ ව්‍යාපාරය promote කරගැනීමයි ඔවුන් කරන්නේ. ඒ සදහා අවශ්‍ය facebook likes, youtube votes, reviews, followers ලබාගැනීමයි ඔවුන් මේ minijob සයිට්ස් වලින් කරන්නේ. ඒ වගේම විවිධ සංගනන (survey) සිදුකිරීමත් කරනවා. $0.10- $1.00 අතර මුදලක් අපට ගෙවනවා.

අපේ අතින් කීයක් යනවද?

කීයක්වත් නෑ. දෙන සල්ලි අරගෙන එන්න තමයි තියෙන්නේ. බොහෝ අඩවි ඇලට්පේ, පේපල්, මනිබූකස් හරහා මුදල් ගෙවනවා. දන්නවද දන්නේ නෑ. මනිබූකස් ලංකාවට මුදල් එවනවා. චෙක්කුවලින් නෙවේ, බැංකු ගිනුමට පමණයි.

Mini Job වෙබ් අඩවි

Alexa රෑන්ක් එකේ පිලිවෙලට පහලින් වර්ග කරන්නම්.

microworkers.com
Alexa Traffic Global Rank: 2,500

www.mturk.com
Alexa Traffic Global Rank: 6,596


minuteworkers.com
Alexa Traffic Global Rank: 14,568


shorttask.com
Alexa Traffic Global Rank: 41,759


myeasytask.com
Alexa Traffic Global Rank: 75,956


minijobz.com
Alexa Traffic Global Rank: 147,583


joblay.com
Alexa Traffic Global Rank: 398,797

වැඩ පටන්ගන්නේ කොහොමද

නොමිලේ singup වෙනවා. ඒක කියලාදෙන්න ඕනේ නෑ නොවැ. ඊට පස්සේ නිවරදිව කරන හැටි, අපේ කොල්ලෙක් පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. එයා ඒ ලිපි පෙල දාලා තියෙන්නේ microworkers සදහා පමනයි. ඒත් අනෙක් අඩවි සදහාත් ලොකු වෙනසක් නෑ. මම එයාගේ බ්ලොක්කයට ලින්ක් පහලින් දාලා තියෙනවා.

Microworkers පාඩම 1 - හදුනා ගනිමු

Microworkers පාඩම 2 - සපයා ගත යුතු අමතර දේවල්

Microworkers පාඩම 3 - ජොබ් එකක් සිදු කරන ආකාරය

Microworkers පාඩම 4 - අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු

Microworkers පාඩම 5 - අතිරේක අවශ්‍යතා

Microworkers පාඩම 6 - ඉක්මනට මුදල් සෙවීමට උපදෙස්

ඔබේ ඕනෑම තාක්ශනික ගැටලුවක් හෝ අන්තර්ජාලයේ මුදල්මය ගැටලුවක් අපෙන් අහන්න පහසුකම් සලස්වලා තියෙනවා. ඉහල තියෙන Contact Us, Tech Support කියන බොත්තම් දෙක තියෙන්නේ ඒ සදහාමයි. "අපෙන් අහන්න" කියලා කීවේ, මම වගේම අන්තර්ජාලයේ මුදල් හා තාක්ශනික ලිපි ලියන අනෙත් අයත් ඇතුලුවයි. ඔය microworkers ගැන එහෙම ලියලා තියෙන කොලුවා, ඒ ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්. ලිපි කියෙව්වාම තේරෙයි.

ඒ වගේම මගේ බ්ලොක්කයට දිනපතා එක පාඨක පිරිස ඔබේ බ්ලොක්කයටත් හරවාගන්න, "ADD ME TO SYNDICATOR" බොත්තමෙන් ඔබේ බ්ලොක්කයත් "සින්ඩිකේටරය"ට දාන්න. ගිහින් එන්නම්, ඔබට ජය!


මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය  i plus blog කතෘ සතුය.

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

2 comments

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html