Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » Payoneer Card ගැන සුද්ද සිංහලෙන් | PayPal කුප්පිය #9
«
Next
Newer Post
»
Previous
Older Post

Payoneer Card කියන්නේ මොකක්ද?

මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?

අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?

ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

අපිට කෙලිම Payoneer වෙබ් අඩවියට ගිහින්, මට කාඩ් එකක් දියන් කියලා ඉල්ලන්න බෑ. වෙනත් වෙබ් අඩවියක් හරහා කාඩ් එකක් ඉල්ලන්න ඕනේ.

oDesk
Plimus
2CO
වැනි වෙබ් අඩවි හරහා ලේසියෙන්ම කාඩ් එකක් ගන්න පුලුවනි.

Plimus වලින් Payoneer Card එකක් ගමු

Plimus ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.

4 බොත්තම එබුවාම පහල ලෙස වෙනත් පේජයකට පිවිසේවි.



ඉහත රූපයේ පෙන්වා තියෙනවා අපි සම්පූර්ණ කලයුතු Steps.

Step 1, Step 2හා Step 3 කියන බොත්තම් ඔබලා ඒවාගේ තොරතුරු පුරවලා submit  කරන්න. එතකොට ඉවරයි.

oDesk වලින් Payoneer Card එකක් ගමු

oDesk ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.

මෙතනින් පස්සේ පියවර සියල්ල, ඉහත Plimus පියවරමයි

Payoneer Card කතාන්දරය


එකෝමත් එක කාලෙක අපි පේනියර් කාඩ් එකකට ඉල්ලුම් කලා කියලා හිතමුකෝ. ඉතින් ඊට පස්සේ පේනියර් ගිනුමේ තවමත් පෙන්නන්නේ Unverified, Inactive Account කියලා. කාඩ් එකක් ඉල්ලලා සති තුනකින් විතර ගෙදරටම කාඩ් එක එනවා. ඊටපස්සේ කාඩ් එකේ විස්තර අපි Payoneer ගිනුමට ලොග් වෙලා ඇතුලත් කරන්න ඕනේ.

ඒත් දැනගතයුතු දේවල් කිහිපයක්  තියෙනවා,

1. එම Payoneer කාඩ් එකහි තොරතුරු ඇතුලත් කරන අවස්තාවේ අපි PIN නම්බරයක් ඇතුලු කරන්න ඕනේ. අපි කැමති අංක 4කින් යුතු මතක හිටින නම්බරයක්.

2. නොමැකෙන පෑනකින් කාඩ් එක පි‍ටුපස අපේ අත්සන යොදන්න ඕනේ

3. ඉහත කරුන සියල්ල සම්පූර්ණ කලත් තාම කාඩ් එක Active නෑ. Active කිරීම සදහා අපට යම් මුදලක් වැයවෙනවා

Payoneer Card එක Active කරන හැටි

මේ සදහා අපට වෙනත් VISA/MASTER කාඩ් එකක් තියෙන්න ඕනේ. HNB Card, Sampath Web Card හෝ වෙනත් ඕනැම බැංකුවක කාඩ් එකක් යොදාගන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ $20 ක් ඒ කාඩ් එකේ තියෙන්න ඕනේ. පලවෙනි පාර Payoneer Cardඑකට මුදල් ලෝඩ් කල සැනින් එයාලාගේ ගාස්තු එයාලා කපාගන්නවා. Active කිරීමේ ගාස්තුව $10යි.

https://load.payoneer.com/LoadToPage.aspx වෙත පිවිසෙන්න.


 අංක පිලිවෙලට කරන්න. කො‍ටු කර ඇති දේවල් පිලිබදව සැලකිලිමත් වන්න.

Payoneer Card එකේ ගාස්තු

Monthly card account maintenance = $4 per month
ATM Withdrawal Fee = $2.15 + 3%
සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ

Payoneer Card එකෙන් රුපියල් ගන්න හැටි

http://www.mastercard.com/us/personal/en/cardholderservices/atmlocations/index.html 

ඉහත ලින්ක් එකෙන් ඔබේ ප්‍රදේශයේ මුදල් ලබාගත හැකි ATM යන්ත්‍ර බලාගන්න පුලුවන්. කොමර්ෂල් බැංකු තමයි ගොඩක් සපෝට් කරන්නේ. කාඩ් එක මැෂින් එකට දාලා අවශ්‍ය මුදල ගහපු ගමන්, කාඩ් එකේ තියෙන ඩොලර් රුපියල් වෙලා එලියට එනවා.

PayPal, Plimus & Payoneer Card

අපි පේපැල් කුප්පිය 7 සහ 8 න් පේපැල් මුදල්  Plimus වලට දැම්මානේ. ඔන්න කුප්පිය 9න් Plimus මුදල් Payoneer Card එකට දාලා, ලංකාවේ ATM එකකින් එලියට ගත්තා. අන්තිම ප්‍රතිපලය බැලුවොත්, PayPal වල තිබුන ඩොලර්, ලංකාවෙන් රුපියල් විදියට මතුකරගත්තා. හරියට බැලුවොත් මේකත් මැජික් එකක් වගේ වැඩක්. ඉතින් කවුද කියන්නේ පේපැල් ලංකාවට සල්ලි එවන්නේ නෑ කියලා?

ගිහින් එන්නම්,
ඔබට ජය!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html