Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #6
«
Next
Newer Post
»
Previous
Older Post

මේ ලිපියෙන් ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩ ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් සහ නොදන්නා කෙනෙකුට දැනගන්නත් එක්ක, පේපැල් මුදල් වලින් යම් භාන්ඩයක් මිලදීගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනින් පස්සේ ආයේ ඊබොක්ක ගැන කියන්නේ නෑ. මීලග ලිපි වලින් අපි කතාකරන්නේ Alertpay, Plimus, Fastspring සහ Payoneer ගැන. කොහොමත් තව ලිපි දෙකක් විතර ලියනකොට මේ කුප්පිය සම්පූර්ණයෙන් ඉවරවෙයි. අපි දැන් කුප්පියට බහිමුකෝ,

මගේ ගනු දෙනු ගැන කීවොත්, ගොඩක්ම ගනු දෙනු කරලා තියෙන්නේ Buyincoins එක්ක. දැනට භාන්ඩ 20ක්, 30ක් විතර. ඊට පස්සේ DX එකත් එක්කත් ගනු දෙනු කිහිපයක් කරලා තියෙනවා, මීට අමතරව mistertao සමගත් ගනු දෙනු කිහිපයයි. කිහිපයයි කියන්නේ තුන හතරක්. budgetgadgets සමගත් miniinthebox සමගත් එක් ගනුදෙනුව බැගින් කරලා තියෙනවා. ඊබොක්ක සමග කලේ එක ගනුදෙනුවයි ඒ ගනුදෙනුවෙන් තමා පේපැල් ගිනුමට කෙලවුනේ.

miniinthebox.com

මේක ටිකක් රෙස්පට් කඩයක්, ගනන් ටිකක් සැරයි, හැබැයි ගොඩක් භාන්ඩවල මිල ඊබොක්කට වඩා අඩුයි. ලංකාවට භාන්ඩ එවනවා, ලංකාවට විතරක් නෙවෙයි, ලෝකේ වටේටම, තියෙන සියලුම භාන්ඩ Free Shipping. වෙබ් අඩවිය බොහොම වැදගත් පාටයි. Buyincoins එකේ වගේ නෙවෙයි, හැම භාන්ඩයටම Original Packages එවනවා. ඒ කියන්න්නේ ෆෝන් එකක්නම් ඊට අදාලව තියෙන සබ්බසකළමනාවම එවනවා. භාන්ඩය කුඩා වුනත් පෙට්ටිය ලොකුයි, තැපැල් මාමාට මේ පෙට්ටි කරේ තියගෙන තමයි පුට් සයිකලේ පදින්න වෙන්නේ. ගිනුමක් හදලා, භාන්ඩය අපේ Shopping Cart එකට දාගෙන මගක් යනකොට, මුදල් ගෙවීමට කලින් අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් තියෙනවා. Video Game Accessories සහ Apple Accessories වලට මේ අඩවිය හොදයි. අනිත් තියෙන භාන්ඩනම් අපිට Buyincoins හෝ DX එකෙන් තව ටිකක් අඩුවට ගන්න පුලුවන්.

lightinthebox.com

නමින්ම තේරෙනවනේ, miniinthebox ගේ අයියා තමයි lightinthebox කියන්නේ. වෙබ් අඩවි දෙකේ යාන්ත්‍රනය එකමයි. Weddings & Events සහ Fashion Design සදහාම සැදු වෙබ් අඩවියක්. කසාදයක් එහෙම බදිනාවානම් සමහරවිට වැදගත් වෙයි. අමුතු විදිහේ ගැජමැටිස් කෑලිත් මේකේ නැතුවා නෙවෙයි.

දැන් මේ ඊබොක්කට එරෙහිව කල සටනේ සාරාංශය කියන්නම්, අද හෙට නැතත් කවදා හරි භාන්ඩයක් මිලදී ගැනීමේදී වැදගත් වෙයි.

Electronics සහ Computer Gadgets සදහා: buyincoins සහ dealextreme

Branded Cell Phones සදහා: mistertao.com

Computer Hardwares සදහා: mistertao.com සහ dealextreme

Cell Phones Accessories සදහා: dealextreme

Health & Beauty සදහා: buyincoins සහ lightinthebox.com

Tablet PC/ MID සදහා: buyincoins සහ Pandawill

Home & Sports: buyincoins සහ dealextreme

සාමාන්‍ය ඇදුම් පැලදුම්, සපත්තු: mistertao.com

Weddings & Party Dresses: lightinthebox.com

මේ සියලුම දේවල් තොග ලෙසින් මිලදී ගැනීමට: dhgate.com

හරි අපි ආයේ මේ දේවල් ගැන කතාකරන්න ඕනේ නැතිවෙයි, මටනම් කියන්න තියෙන හැම දෙයක්ම කීවා, ඒත් කෙනෙකුට ගැටලුවක් තියෙනවානම් අහන්න පුලුවනි. ඔන්න මං දැන් හදන්නේ පේපැල් ගිනුමකින් මුදල් ගෙවීමක් කරලා පෙන්නන්න. කෙනෙකුට හිතෙයි මේ මොකක්ද මේ කරන විහිලුව කියලා. ඒත් නොදන්න කෙනෙක් මේ වගේ පොඩි දේවල් වලින් පවා අසරන වෙන්න පුලුවන්, ඒකත් කියලා දුන්නම ඉවරයිනේ. එතකොට කුප්පියත් සර්වසම්පූර්ණ වෙනවා. පහලින් දක්වලා තියෙන්නේ buyincoins එකෙන් භාන්ඩයක් මිලදී ගන්න හැටි. කිසිම පියවරක් උඩින් පැනලා නෑ. අතෑරලත් නෑ, සියල්ල පිලිවෙලට තියෙනවා, රූප ටික බලාගෙන ගියපුවාම තේරුම් ගන්න පුලුවන් වේවි.

buyincoins ගිනුමට ලොග් වුනා, කැමති භාන්ඩය තේරුවා, Shopping Cart එකට දැම්මා.


Menu බොත්තම ඔබලා මෙනුව පහලට ඇද්දා, Checkout බොත්තම එබුවා.
A මගින් අපට භාන්ඩය ගෙන්වන ක්‍රමය ‍තෝරන්න පුලුවන්.  සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ "Airmail Unregistered" . ඉන්පසු B මගින් පෙන්වා ඇති, "Stranded Checkout" බොත්තම එබුවා.


ඔන්න දැන් අපට අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් එනවා. "Modify" බොත්තම එබුවා.


A මගින් අපට මුල ඉදන් සම්පූර්නයෙන් අපේ විස්තර ඇතුලත් කරන්න පුලුවන්. B මගින් කලින් ගහපු ඇඩ්‍රස් එකක් ‍තෝරන්න පුලුවන්. ඊලගට "Continue" බොත්තම එබුවා.






නැවතත් පහල පෙනෙන B බොත්තම එබුවා


ඔන්න දැන් අපට ඇඩ්‍රස් එක නිවරදිව වැදිලා තියෙනවා බලාගන්න පුලුවන්. ඊලගට "Confirm Order" බොත්තම එබුවා.



ඔන්න දැන් පේපැල් එක්කයි ගනු දෙනු කරන්න යන්නේ. ඔබේ පේපැල් ගිනුමේ තොරතුරු ඇතුලත් කර, "Login" බොත්තම එබුවා.


වෙලෙන්දාට Note එකක් එහෙම දාන්න තියෙනවානම්  "ADD" මගින් දාන්න පුලුවන්.  පාටක් එහෙම ‍තෝරන්න තියෙනවානම් අපිට Note එකකින් ඒක කියන්න පුලුවන්. ගාන හරිදැයි බැලුවා, "Pay Now" බොත්තම එබුවා.


සල්ලි හරියට ගෙව්වා ආපහු Buyincoins එකට ආවා.


 ඔන්න ඔහොම සල්ලි ගෙව්වා, Buyincoins එකෙන් Logout වුනා.

එහෙනම් ඕං මමත් අදට කැපුනා.

ගිහින් එන්නම්,
ඔබට ජය!

source:i plus blog

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html