Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට | PayPal කුප්පිය #7
«
Next
Newer Post
»
Previous
Older Post

අද ලිපියට ගොඩක් අය කැමති වේවි. අද කියන්න යන්නේ චෙක්කු මගින් කොහොමද පේපැල් මුදල් ලංකාවට ගෙන්නාගන්නේ කියලා. මේ සදහා වැඩේට ඉස්සරලා, වටපිටාව ගැන කතාකරලා ඉන්නම්.

මම දැනට පේපැල් ගිනුම් 4ක් විතර නාස්ති කරගෙන, VC කාඩ් 5කට විතර මුදල් වියදම් කරලා, බැංකු ගිනුම් හදලා, වෙබ් කාඩ් අරගෙන, වීසා කාඩ් අරගෙන, අමාරුවෙන් පේපෑල් ගැන ඉගෙනගත්තා. පේනියර් කාඩ් ගැනත් යම් අවබෝදයක් ගත්තා. Fastspring, Plimus, 2Co කියලා වෙබ් අඩවි තියෙනවා කියලා ඉගෙනගත්තා. ඒත් සල්ලි ගොඩක් නාස්ති කරගත්ත නිසා ඒවා ට්‍රයි කරන්න ගියේ නෑ. අහුවා ඇහුවා, ඇහුවා. කවුරුත් කියලා දුන්නෙත් නෑ. ඒත් කාලෙක ඉදන් පේපැල් කුප්පියක් දාන්න ආසාවක් තිබුනා, එකම අඩුපාඩුවකට තිබුනේ ඉහත කී කරුන විතරයි. අන්තිමේට පෝස්ට් එකක් ලියනකොට මං ලීවා මේක දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න කියලා, ඒ පෝස්ට් එක දාලා සතියකට විතර පස්සේ කොමෙන්ට් එකක් වැ‍ටුනා, මං මේක දන්නවා ඔයාටත් කියලා දෙන්නම් කියලා, ඒ කාගෙන්වත් නෙවේ "ඉසුර නිර්මාල්" කියන යාලුවාගෙන්. ඉතින් එයාව Contact කරගත්තා. එයාත් එක්ක සිදුවුන ඊමේල් ගනුදෙනුව මං අන්තිමේට කියන්නම්. හැබැයි මේ ලිපියේ අඩංගු තොරතුරු වල ගෞරවය ඒ යාලුවාට හිමිවෙන්න ඕනෑ. ඒ වගේම එයාට ගොඩාක් ස්තූතියි කියලාම ලිපිය පටන් ගන්නම්.

2checkout, Fastspring සහ Plimus කියන්නේ මොනවද? මොකටද?

2checkout, Fastspring සහ Plimus කියන්නේ එකම යාන්ත්‍රනයක් සහිත, වෙලදාම සදහා වෙබ් පි‍ටු ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්. මේවාගේ විශේෂත්වයක් තියෙනවා, මේවා සම්පූර්ණයෙන් automatic නෑ. මුදල් ගෙවීම් කරනකොට, ලබනකොට පන තියෙන මිනිසෙකුගේ අධීක්ෂනය යටතේ තමයි වෙන්නේ. තවදුරටත්, මේවාට multi payment system එකක් තියෙනවා.

උදාහරනයක් කීවොත්:

අපි eBook විකුනනවා කියලා හිතමු. අපි පේපැල් මගින් checkout බොත්තමක් හැදුවොත්, අපිට මුදල් ලැබෙන්නේ පේපැල් හරහා විතරයි. ඒත් අපි ඉහත කී වෙබ් අඩවියක් භාවිතා කලොත් Visa, Master, moneybookers, Bankwire, PayPal වගේ මුදල් ගෙවීමේ ක්‍රමද භාවිතා කරමින් අපිට අපේ භාන්ඩය විකුනන්න පුලුවන්. ඒ කියන්නේ වැඩි මුදලක් උපයන්න පුලුවන් කියන එක.

ඒ වගේම තවත් සතු‍ටු හිතෙන කාරනයකට තියෙන්නේ, මේවා සම්පූර්ණයෙනම ලංකාවට සපෝට් කරනවා.
ඉහත කී මුදල් ගෙවීමේ ක්‍රම මගින් අපිට ලැබෙන මුදල් 2checkout, Fastspring සහ Plimus හි ගිනුමක තැන්පත් වෙනවා, ඒවා අපට ලංකාවට ගෙන්නන්න ක්‍රම රාශියක් ලබා දීලා තියෙනවා. කිහිපයක් කීවොත් cheque, bank transfer, visa/master.

moneybookers කියන්නේ මොකක්ද?

moneybookers පේපැල් වලට අතිශයින් සමාන වෙබ් අඩවියක්, එකම අසමානකමකට තියෙන්නේ පොඩි රටවල්වලටත් එයාලාගේ සේවය ලබා දෙන එක. ලංකාවටත් සපෝට් කරනවා. ඒත් චෙක්කු වලින් මුදල් එවන්නේ නෑ. අපේ බැංකු ගිනුමට මුදල් එවනවා. පේපැල් හැරුනාම දැනට සයිබරයේ තියෙන හොදම වෙබ් අඩවියක් තමා moneybookers. ඒ වගේම දැන් දැන් වෙබ් අඩවි රාශියකට මෙයාලා සපෝට් කරනවා. මාත් මේ බලන් ඉන්නේ පේපැල් වළපල්ලට යන්නේ කවද්ද කියලා.

මේ ලිපියෙන් කියලා දෙන ක්‍රමය හරහා පේපැල් මුදල් වගේම moneybookers මුදලුත් ලංකාවට චෙක්කු මගින් ගෙන්න්න පුලුවන්.

අවශ්‍ය දේවල්:

හොද ඉංග්‍රීසි දැනුමක්,
වැඩකරන මොබයිල් නම්බර් 2ක්,
USB 3G Dongle එකක්
Firefox Web Browser
Better Privacy ඇඩෝනය
2checkout, Fastspring හෝ Plimus ගිනුමක්
PayPal හෝ moneybookers ගිනුමක්

අපි Plimus හෝ Fastspring වලින් වැඩේ කරමු. ඒකට හේතුව 2checkout භාවිතා කරන්න $49ක මුදලක් අපි එයාලට මුලින් ගෙවන්න ඕනේ. Plimus හා Fastspring නොමිලේ සේවය ලබාදෙනවා.

එහෙනම් වැඩේට බහිමු. මං Plimus භාවිතයෙන් කියලා දෙන්නම්,

සාරාංශය:

කරන්නේ මේකයි, එයාලා අපට වෙබ් පි‍ටු ලබාදෙනවානේ අපේ භාන්ඩ විකිනීම සදහා. ඉතින් අපි කරන්නේ Double Acting. වෙලෙන්දත් අපි, පාරිභෝගිකයත් අපි. ඒ කියන්නේ අපි පේපැල් වලින් අපේම වෙබ් පි‍ටුවක දෙයක් මිලදී ගන්නවා, එතකොට ඒ සල්ලි අපේම Plimus ගිනුමට වැටෙනවා. තවදුරටත් කීවොත් අපි පේපැල් මුදල් Plimus ගිනුමට මාරු කරනවා. දැන් පේපැල් මුදල් ටික තියෙන්නේ Plimus ගිනුමේ කියලා හිතමු. Plimus ගිනුමේ මුදල් අපි චෙක්කුවකින් withdraw කරනවා. එතකොට අන්තිම ප්‍රථිපලය බැලුවොත්, PayPal හි තිබූ මුදල චෙක්කුවකින් ලංකාවට එනවා. Plimus / Fastspring චෙක්කුව ලංකාවේ ඕනේම බැංකුවක් හරහා අපට අපේ ඉතිරිකිරිමේ ගිනුමකට දාන්න පුලුවන්. හ්ම්ම්... කොහොමද වැඩේ? මෙන්න මේක තමා කවුරු කවුරුත් හංගගෙන හිටපු Fastspring සෙල්ලම.

දැන් මං කියන්න යන්නේ කොහොමද Double Acting කරන්නේ කියලා. පියවරෙන් පියවර කියලා දෙන්නම්.

පියවර 1

http://home.plimus.com/ecommerce/ වෙත යන්න. "Register" බොත්තම ඔබන්න.
 

 පියවර 2

දැන් එන පෝරමය ඉතා නිවරදිව පුරවන්න. මේ සදහා සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඉන් පසු ඔබේ නව Plimus ගිනුමට ලොගින් වන්න.


පියවර 3

 දැන් හදන්නේ, අපි භාන්ඩයක් විකිනීම සදහා වෙබ් පි‍ටුවක් නිර්මාණය කිරීමටයි. මමනම් විකුනන්න යන්නේ මෘදුකාංගයක්. ඔයාලාටත් පුලුවන් කොහෙන් හරි හොයාගත්ත මෘදුකාංගයක් හෝ eBook එකක් විකුනීම සදහා යොදා ගන්න. හැබැයි Quick rich programs මේ සදහා හරියන්නේ නෑ. ඒ කියන්නේ Adsense Fast Cash, clickbank blast වගේ ඉක්මනින් පෝසත් වීමට හැකි දේවල් වලට අදාල eBook මේ අඩවි වල විකුනන්න දෙන්නේ නෑ.
"New Product"  මත ක්ලික් කරන්න. 



පියවර 4

මං විකුනන මෘදුකාංගයට අදාල තොරතුරු මං පහලින් පුරවනවා. ඔයාලත් ඊට අදාල දෙය කරන්න.

තව දෙයක් කියන්න ඕනේ, Product info url සදහා අපි වෙනම වෙබ් පි‍ටුවක් හදන්න ඕනේ, බ්ලොග් පි‍ටුවක් තිබුනාම හොදටම ඇති,
ඒ කියන්නේ අපි මේ විකුනන මෘදුකාංගය ගැන තොරතුරු දාලා ඉංග්‍රීසියෙන් බ්ලොග් පෝස්ට් එකක් හදන්න ඕනේ, ඒකේ, "Buy NOW" බොත්තමටයි අපි Plimus ලින්ක් එක දාන්නේ, ඔන්න මං බ්ලොග් පි‍ටුවක් හැදුවා. ඒක පියවර 10 දී බලන්න.

ඔයාලා Plimus වෙබ් පේජය හදන්න කලින් පියවර 10 විදියට බ්ලොග් පෝස්ට් එකක් හදාගෙන ඉන්න ඕනේ.

හරි අපි වැඩේ කරගෙන යමු. තොරතුරු පහල විදියට පුරවලා, "Full Version" බොත්තම ඔබන්න. 


පියවර 5

A: ඔන්න දැන් එයාලා අපිට "BuyNow "බොත්තමට අදාල, url එක දෙනවා. ඒක වෙනම තැනකට කොපි කරලා තියාගන්න. පියවර 10දී ඒක ඕනේ වෙනවා

අනෙකුත් තොරතුරු පහල ලෙස පුරවන්න, "Price:" කියන තැනට කැමති ගානක් දාන්න. 


B මගින් පෙනෙන "Click Here" බොත්තම මගින් අපි කරන්න යන්නේ අපි විකුනන මෘදුකාංගය Plimus වෙබ් පේජයට අලවන්න.

පියවර 6

"Browse"  බොත්තම ඔබලා, ඔයාලාගේ කොම්පීතරෙන් ඒ මෘදුකාංගය හොයලා දෙන්න. ඊට පස්සේ "upload" බොත්තම ඔබන්න.

පියවර 7

අප්ලෝඩ් වෙලා ඉවරවුනාම පහල පරිදි message එකක් පෙන්නාවි. ඉන්පසු ඔයාලාගේ user name එක ක්ලික් කරන්න.

පියවර 8

 දැන් සියල්ලම ඉවරයි. ඔන්න ඔයාලාගේ අලුත් භාන්ඩේ දැන් Plimus Account එකට වැටිලා තියෙනවා බලාගන්න පුලුවනි.

පියවර 9

 දැන් අර කියපු බ්ලොග් පෝස්ට් එකයි මේ. පියවර 5ට අදාල A කියන ලින්ක් එක පහල "Get Now Only $50" කියන බොත්තමට ලින්ක් කරන්න ඕනේ. තවත් කීවොත් මේ බොත්තම එබුවාම Plimus එකට ගිහින් මේ මෘදුකාංගය මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ.







දැන් සියල්ල අහවරයි. හැබයි මේ ගැන තව ගොඩක් තොරතුරු කියලා දෙන්න තියෙනවා. පුලුවන්නම් ඊලග ලිපිය ලියනකන් මේ ක්‍රමය භාවිත නොකර ඉන්න. ඒක ඔයාලාගේ කැමැත්තක්, ඉසුර නිර්මාල් යාලුවා මට කියපු විශේෂ තොරතුරු වගේම තවත් බොහෝ දේ ඊලග ලිපියෙන්.

"Get Now Only $50" බොත්තම හරහා ගිහින් කොහොමද රගපෑම අහුවෙන්නේ නැතිවෙන්න කරන්නේ කියලත් ඉතා පැහැදිලිව කියලා දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒ වගේම, මොබයිල් නම්බර් 2ක්,
USB 3G Dongle එකක් වගේ දේවල් මොකටද ඕනේ කියලත් කියනවා. ඩොංගල් නැති අය බයවෙන්න එපා, ඒවාටත් විසදුම් දෙනවා. මේ ලිපිය මං දවස් දෙකක් ලීවා. ඊලග ලිපිය දවස් කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.
ගිහින් එන්නම්,
ඔබට ජය!
මෙම ලිපිය සම්පූර්ණ අයිතිය i plus blog කතෘ සතු වන අතර  ඔහුට උපහාර වශයෙන්  මෙම ලිපිය පල කරන ලදී

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html