Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ඊබොක්කටත් වඩා මිල අඩුවෙන් | PayPal කුප්පිය #5
«
Next
Newer Post
»
Previous
Older Post

මේක කලින් ලිපියේ ඉතිරි කොටස. තවත් කොටසක් තියෙනවාද කියන්න දන්නේ නෑ, බලමුකෝ ලියලා. mistertao සහ buyincoins ගැන දැන් හොදටම දන්නවානේ, මේ වෙබ් අඩවිවල නම් කිසි හොරයක් බොරුවක් නෑ. මං ගොඩක් කල් ඉදන් ගනු දෙනු කරනවා. mistertao ගැන තව පොඩ්ඩක් කියන්නම්. taobao.com කියලා අංක එකේ චීන වෙබ් අඩවියක් තියෙනවා, ඒ වෙබ් අඩවියෙන් තමයි මෙයාලා භාන්ඩ එවන්නේ. ඒ වගේම taobao කියන එක සම්පූර්නයෙන්ම චීන භාෂාවෙන් තියෙන්නේ, mistertao කියන්නේ එයාලාගේ ලොකුම ඒජන්තවරයා. හරි ඒවාගැන ඇති. තවත් වෙබ් අඩවි කීපයක් ගැන කියන්නම්.

Dealextreme.com

මේ වෙබ් අඩවිය 70, 000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් උසුලාගෙන ඉන්නවා. සාධාරන මිලක් තියෙනවා. තියෙන සියලුම භාන්ඩ ලෝකේ වටේටම Free Shipping. ලංකාවටත් එවනවා.

මුලින්ම හදුන්වාදුන් වෙබ් අඩවි දෙකහි භාන්ඩ, shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට මුදල් ගෙවන්න කලින්, අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් තියෙනවා, ඒත් dx ඒකේ එහෙම නෑ. ගෙවීම් කරලයි ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕනේ. පේපැල් ඇඩ්‍රස් එකටයි එවන්නේ. අපිට ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕනෙනම් කරන්නේ මෙහෙමයි,

1. dx හි ගිනුමක් හදනවා.
2. ඒකෙන් ලොග්in වෙලා භාන්ඩය මිලදී ගන්නවා. (කෙලින්ම පේපැල් වලින් ගෙවනවා)
3. login--> order--> පහල ලෙස ඇඩ්‍රස් එක වෙනස් කරන්න







හැබැයි ඕඩර් කරලා පැය 12ක් ඇතුලත වෙනස් කරන්න ඕනේ, ඊට පස්සේ නම් ඇඩ්‍රස් එකට අත තියන්න දෙන්නේ නෑ. ඔන්න ඔහොමයි dx එකෙන් භාන්ඩයක් ගන්නේ. මං මුලින්ම ඇඩ්‍රස් එක මාරු කරන්න දැන ගත්තේ techඅදියාගෙන් අහලා. දන්නැති දෙයක් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ලැජ්ජා වෙන්න ඕනයැ.

Budgetgadgets.com


මං මේ වෙබ අඩ්වි හදුන්වාගෙන එන්නේ, මිල අඩුම භාන්ඩ තියෙන වෙබ් අඩවි වල ඉදන් ටිකක් ටික මිල වැඩි වෙන පිලිවෙලට. budgetgadgets ගැන කියනවානම්, තියෙන සියලුම භාන්ඩ ලෝකේ වටේටම Free Shipping. මේ වෙබ් අඩවියෙත් භාන්ඩ shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට, මුදල් ගෙවන්න කලින් අපේ ඇඩ්‍රස් එක ගහන්න තැනක් තියෙනවා. මේකේ දාලා තියෙන මිලගනන් හරියටම අපි මිලදීගන්න ගාන නෙවේ, Bulk Price එක. ඒ කියන්නේ තොග වශයෙන් මිලදීගන්නකොට දාන ගාන. අපි ගෙවිය යුතු ගාන මෙහෙමයි,


Pandawill.com


උසස් තත්වයේ භාන්ඩ තියෙන වෙබ් අඩවියක්. මිලගනන් ඒ හැටි වැඩියක් කියලා නෑ. සමහර භාන්ඩ buyincoins එකටත් වඩා මිල අඩුයි, සමහර භාන්ඩ ඊබොක්කටත් වඩා මිල වැඩියි. භාන්ඩ shopping cart එකට දාගෙන මගක් අරන් යනකොට ඇඩ්‍රස් ගහන්න තැනක් නෑ. මුදල් ගෙවීම් කලාට පසුව ඇඩ්‍රස් වෙනස් කරන්න තැනකුත් නෑ, එහෙනම් මෙහෙමයි ඇඩ්‍රස් එක යවන්නේ. අපිට භාන්ඩය යවන්න ඕනේ පේපැල් ඇඩ්‍රස් එකට නෙවේනම්, පේමන්ට්ස් කරද්දී Note එකක් මගින් අපි ඒ වෙබ් අඩවියට දන්වන්න ඕනේ, ඒ වගේම ඇඩ්‍රස් එකත් Note එකේම ටයිප් කරලා යවන්න. Note එකක් දාන්නේ මෙහෙමයි.


ඒ යවනකොට පහත ලෙස සම්පූර්න විස්තර යවන්න.
First Name:
Last Name:
Country:
State/Province:
Street Address:
City:
Post/Zip Code:

 එහෙම බැරිනම්, Note එකේ කියලා යවන්න, පේපැල් ඇඩ්‍රස් එකට නෙවෙයි ship කරන්න ඕනේ, ඇඩ්‍රස් එක මං customer support එකට දන්වන්නම් කියලා. එහෙම කියලා, භාන්ඩයට මුදල් ගෙවලා,  පැන්ඩාවිල් එකවුන්ට් එකෙන් පනිවිඩයක් යවන්න නිවරදි ඇඩ්‍රස් එක දාලා. මේක ඕඩර් එක place කරපු සැනින් කරන්න. ඈනුම් ඇර ඇර, අද බෑ, හෙටවත් යවන්නම් කියලා හිටියොත් අන්තිමට සල්ලිත් නෑ, භාන්ඩෙත් නෑ.

තව වෙබ් අඩවි කීපයක් හදුන්වාදෙන්න තියෙනවා. තව ලිපියක් ලියන්නම්. නැත්නම් කියවන ඔයාලටත් එපා වෙනවනේ ලිපියේ දිග දැක්කාම. මං කියන මේ අණ්ඩර දෙමළ තේරෙනෙවාද දන්නේ නෑ. අන්තර්ජාලයෙන් කිසිම භාන්ඩයක් තාම මිලදීගෙන නැත්නම්, කවදාහරි මිලදීගන්න දවසක මේ ලිපි පෙල වැදගත් වේවි.

මට ඕනේ මේ ඊබොක්ක කියලා, අප්පේ... මේක මාරයිනේ කියලා, ඊබොක්කට වැදගෙන ඉන්න පිරිස අඩු කරන්න. අපේ රටේ මුදල්, යුරෝපයට ඇදිලා ගිහින්, කිරි සුද්දෝ පෝසත් වෙලා, අපි තවත් දුප්පත් රටක් හැටියට දාලා තියෙන නම ඉවත් කරන්න. දැන් කියයිද දන්නේ නෑ, යුරෝපයට ගෙව්වත් චීනයට ගෙව්වත් රටේ සල්ලි නොවැ එලියට යන්නේ කියලා. ඒත් චීන්නු පොඩි රටවල් අල්ලගෙන වැඩ පෙන්නන්න යන්නේ නෑනේ, යුරෝපා ජාතීන් වගේ.

ගිහින් එන්නම්,
ඔබට ජය!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html