Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #2
«
Next
Newer Post
»
Previous
Older Post

අපි පලමු ලිපියෙන්; අවශ්‍ය කළමනා ටික ලැස්ති කරගෙන, සර්ව සම්පූර්ණව ගිනුම් හදලා, ClickBank කියන්නේ මොකක්ද? ඒකෙන් කීයක් උපයන්න පුලුවන්ද යන මූලික තොරතුරු ටික කතාකලා.

සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇති, මොකද; ගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා, ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් තියෙනවානම් අහන්න. මං කියන්නේ කොමෙන්ට් දාලා යන්න කියලා නෙවේ. ඒත් ඔබලා මේ ලිපිවලින් ප්‍රයෝජනයක් ගත්තද, මං කියන අණ්ඩර දෙමළ පාඨකයින්ට තේරුනාද කියලා දැනගන්නේ දාලා යන කොමෙන්ට් වලින්. තාක්ශණික තොරතුරු, මිලමුදල් ගැන ලිපි ලියන්නේ මට තියෙන වාසියකට නෙවේ. ඒකාකාරි බ්ලොග් කලාවට අලුතින් යමක් එකතුකරන්න හිතාගෙන. ඒ වගේම පාඨකයිනුත් මේ ලිපි ගැන උනන්දුවක් දක්වන නිසා. මේවා ඉතින් වැරදි විදියට දකින අයත් ඉන්නවා. මම නම් විශ්වාස කරන දෙයක් තමයි, මේ ලෝකේ අලුත් දෙයක් කරපු මිනිස්සු ඉස්සරහට ගියා, අනෙක් අය මග හැලුනා. ඔබ කොයි ගොඩේද කියන එක ඔබම හිතලා බලන්න.

එහෙනම් අපි වැඩේට බහිමු.

ClickBank මගින් කරන දේ ගැන මූලික හැදින්වීමක් කරන්නම්. ClickBank කියන්නේ eBay වගේ කඩයක්. ඒ තරම්මනම් භාණ්ඩ නෑ. ඒත් සෑහෙන භාණ්ඩ තොගයක් තියෙනවා. අපි කරන්නේ අපි විකුණන්න කැමති භාණ්ඩයක් ‍තෝරනවා. ඊට පස්සේ ClickBank මගින් අපට රෙෆෙරෙල් ලින්ක් එකක් ඒ භාණ්ඩය සදහා හදලා දෙනවා. ඒක ඒ අය හදුන් වන්නේ Hop Link කියලා. අපි ඒ ලින්ක් එක මගින් පාරිභෝගිකයන් යවලා මිලදීගැනීම් කලොත් අපට කොමිස් එකක් හම්බෙනවා.

පලමු ලිපියේ කියපු විදියට හැමදේම ලක ලෑස්ති කරගන්න ඇති කියලා හිතනවා. ඉතුරු ටික පියවර ක්‍රමයට විස්තර කරන්නම්.

පියවර 1
ඔබේ ClickBank ගිනුමට ලොගින් වන්න


පියවර 2
Marketplace වෙත යන්න


පියවර 3
සයිඩ් බාර් එකෙහි Categories මගින් ඔබ විකිනීමට කැමති භාණ්ඩය ‍තෝරන්න. මම Computers / Internet කියන ලින්ක් එක ‍තෝරන්නම්. දැන් එන රිසල්ට් එකෙන් ඔබ විකිනීමට කැමති භාණ්ඩය ‍තෝරන්න
   
ඔන්න මං එකක් ‍තෝරගත්තා. මිල දාලා තියෙනවා $20.01 යි කියලා.  

පියවර 4
මුලින්ම ලා නිල් පාට ලින්ක්  එක ක්ලික් කරන්න
අලුතෙන් පේජයක් එයි. ඒකේ යටම මිලක් දාලා තියෙනවා
බලන්නකෝ.  


$29.99 ක්. මෙන්න පොයින්ට් එක නිවරදි ගාන $20.01 යි. විකුණන්නේ $29.99 ට ඒ කියන්නේ $9කට වැඩි ගානක් අපේ පොකට් එකට. වැඩේ ලාබයි නේද?

පියවර 5 
පියවර 3 හි රෝසපාට ලින්ක් එක ක්ලික් කරන්න. දන් පොප් අප්
පේජයක් එයි. මෙහි නිල් පාට ලින්ක් එක ක්ලික් කරන්න


පියවර 6
දැන් මේ වගේ පේජයක් ලැබේවි

රතු පාටින් ලකුනු කරලා තියෙන ලින්ක් එක මේ භාණ්ඩයට අදාල අපේ රෙෆරල් ලින්ක් එක. කොල පාටින් පෙන්වලා තියෙන්නේ ඔබේ වෙබ් අඩවියට ඇතුලත් කල හැකි HTML කෝඩ් එක. ඒක පස්සට තියමුකෝ.


දැන් මේ රතු පාට ලින්ක් එක මගින් ඇවිත් කෙනෙක් මේ භාණ්ඩය මිලදී ගත්තොත් ඔබට අර කලින් කීව කොමිස් එක හම්බෙනවා. මේ ලින්ක් එක අපි දැන් බෙදා දෙන්න ඕනේ සයිබරයට. අපි මේ ලින්ක් එක ඕං ගනින් කියලා දුන්නාට මිනිස්සු මේවා මිලදී ගන්නේ නෑ. මේවාට සුපිරි ක්‍රම තියෙනවා. අපි අනිත් ලිපියෙන් ඒ ගැන බලමු. මං කියලා දෙන්නම් කොහොමද බටර් ගාලා, අයිසින් දාලා මේ ලින්ක් එක බෙදන්නේ කියලා. අනෙක් ලිපියෙන් හමුවෙමු. මේ කියපු ටික හොදට තේරුම් ගන්නකෝ. මෙතනින් එහාට තියෙන්නේ හිනාවෙවී බලන් ඉන්න. 

(...මෙම  ලිපියේ සම්පූර්ණ අයිතිය i plus blo කතූ සතුය, ඔහුට උපහාර වශයෙන් මෙම ලිපිය පලකරන ලදී....)

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html