Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank කුප්පිය #1
«
Next
Newer Post
»
Previous
Older Post

ClickBank කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලා, පැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේ, ඒ වගේම අතරමැදියා හා ගොවිරාළ අතර මුදල් ගනුදෙනුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අතරමැදියා ශත පහක්වත් වියදම් නොකර ගානක් කඩාගන්නවා කියන එක.

අපි එහෙනම් කතාවට බහිමුකෝ. ClickBank කියන්නේ මෙහෙම එකක්;

මේක ප්‍රධාන පියවර 3කින් විස්තර කරන්නම්

Step 1: Join ClickBank (ගිනුමක් සාදා ClickBank සමග එකතු වීම)


Step 2: Find Products to Promote (කඩේට දාන්න හොද භාන්ඩයක් සොයා ගැනීම)


Step 3: Promote the Affiliate HopLink (හොයාගත්ත භාන්ඩය විකුනාගැනීමට ක්‍රමෝපායන් යෙදීම)


කීයක් හොයාගන්න පුලුවන් වෙයිද?
සැහෙන ගානක්. අපි විකුනන භාන්ඩයකින් 10- 75% ක් දක්වා කොමිස් එකක් හම්බෙනවා. භාණ්ඩයෙන් භාණ්ඩයට මේක වෙනස් වෙනවා. සාමනයෙන් අපි විකුනන්න හදන්නේ $10- $100 දක්වා වගේ භාණ්ඩ. ගණන් හදලා බලන්නකෝ.

එහෙනම් වැඩේට බහිමු;

අවශ්‍ය දේවල්;

* ClickBank ගිනුමක්
* twitter ගිනුමක්
* බ්ලොග් අඩවියක්/ වෙබ් අඩවියක්
* තරමක් දුරට ඉංග්‍රීසි දැනුම
* නිර්මානශීලීබව/ කපටිකම/ දිනකට පැයක පමණ කාලයක්

අපි එකින් එක බලමු;

ClickBank ගිනුමක් සාදාගැනීම

1. http://www.clickbank.com/index.html වෙත පිවිස "Sign Up"මත ක්ලික් කරන්න.


2. ඉන්පසු පහත ලෙස Application එක පුරවන්න

3. ඔබ ඇතුලත් කල ඊමේල් ලිපිනයට ලොග් වී ClickBank ගිනුම සක්‍රීය කරන්න. ඔබට දී ඇති NikeName එක හා Password එක මතක තබාගන්න, නැත්නම් කොහේ හෝ සටහන් කරගන්න.

twitter ගිනුමක් සාදාගැනීම

1.  http://twitter.com/  වෙත පිවිස "Sign Up"මත ක්ලික් කරන්න.

2. ඉන්පසු පහත ලෙස Application එක පුරවන්න


. ඔබ ඇතුලත් කල ඊමේල් ලිපිනයට ලොග් වී twitter ගිනුම සක්‍රීය කරන්න. twitter  ගිනුමෙන් පුලුවන් තරම් සුද්දන්ව ඇඩ් කරගන්න. සුද්දෝ ගොඩක් ඉන්න තරමට වාසියි

බ්ලොග් අඩවියක්/ වෙබ් අඩවියක්  සාදාගැනීම

බ්ලොග් එකක් කීවට, සිංඩිකේටර හා Search Engine වල පලවෙන සුද්දන් නිතර පැමිනෙන බ්ලොක්කයක් වෙන්න ඕනේ. වෙබ් අඩවියක් වුනත් එහෙමයි. මේක ටිකක් අමාරු වැඩක්. .:::Panhida|පන්හිද:::. කියන මිත්‍රයා free hosting දෙනවා කියලත් තියෙනවා. පුලුවන්නම් වෙබ් හෝ බ්ලොග් අඩවියක් හදාගන්න. නැතත් කමක් නෑ. නැත්නම් මොනවා කරන්නද නේද?

google ගිනුමකුත් තිබ්බොත් හොදයි. මොකද, අපි මේ වැඩේට goo.gl url shortner එක භාවිතාකරනවා.
නැතත් කමක් නෑ

දැන් ඔක්කොම කලමනා ටික හරි.ලෑස්ති වෙලා ඉන්නකෝ e-මනී හොයන්න.

මේකත් මුලින්ම කියන්න ඕනේ මම මේකෙන් කිසිම මුදලක් හොයලා නෑ. මට බෑ සුද්දන්ට දෙකට නැමෙන්න. හැබැයි 100%ක් නිවරදිව. සරලව හරිම ක්‍රමේ මං කියලා දෙන්නම්. කම්මැලියි අප්පා ලියන්න. ඉතුරු ටික තව ලිපියකින් ලියන්නම්

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html