හරි ඔන්න මගේ යාළුවනේ මන් අද ඔයාලට කියන්න යන්නෙ ඔයාලට තවත් වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන.
අද වන විට ලංකාවෙ බ්ලොග් කරන අපේ යාලුවො ගොඩාක් ඉන්නව. අන්න එයාලට තමයි අද මම කතා කරන්නෙ.
ඒ වගේම මගෙන් බ්ලොග් අඩවි ඇඩ්සෙන්ස් ගිණුම් ආදිය සාදා ගනිමින් අන්තර්ජාලය තුල මුදල් උපයන පිරිසකුත් අද වන විට බිහිවීම සත්‍යය වශයෙන්ම මටද මහත් සතුටක්...
හරි වැඩි කතා නැතුව අපි බලමු බ්ලොග් එකක ලියන්න ඔනි මොනවද කියන එක..
මුලින්ම ඔයාල බ්ලොග් එකක් ලියන්න කලින් ලියන්න ඔනි මොනා ගැනද කියල හිතන්න ඕනි වෙන..
ඔයාල මොන මාතෘකාව ගැන ලිව්වත් එය අන්තර්ජාලය භාවිතා කරන්නන් හට වැදගත් අලුත් දෙයක් විය යුතුමයි..
මොනව ලිව්වත් කනාපල්ලන් පොරවල් එන එක ඇත්ත... නමුත් එහෙම එන ගජයො අයෙ බ්ලොග් එකට එන්නෙ නැති වෙන්න පුලුවන්.. අන්න ඒ නිසා නිතරම අපි හිතන්න ඕනි අපේ බ්ලොග් එක නරබන්න එන කෙනෙක් ආයෙ ගෙන්න ගන්න විදියට බ්ලොග් එක පවත්වාගෙන යාන්න..
ඒ වගේම තමයි බ්ලොග් එකට කිසි කිසි ගාල ට්‍රැෆික් ගන්න නම් ඉල්ලුමට සරිලන සැපයුමක් තියෙන්න ඕනි.. අන්න ඒකට මන් ඔයාලට කියන්නම් සුපිරි පොයින්ට් එකක්....
අපි බලන්න ඕනි බ්ලොග් එක ලියන්න කලින් අන්තර්ජාලය තුල වැඩි පුරම කට්ටිය මොනව ගැනද හොයන්නෙ කියන එක... මන් දෙන්නම් ලින්ක් එක මෙතනින් ගිහින් ඔයාලට බලන්න පුලුවන්
දවස ගානෙ ගූගල් එකෙ වැඩි පුරම සර්ච් කරන්නෙ මොනවද කියල්...
http://www.google.lk/trends/
ඉහත තිබෙන ලින්ක් එකට ගියාම ඔයාට හොදින් වටහ ගන්න පුලුවන් google එකේ වැඩි පුරම හොයන්නෙ මොනාද කියල බලන්න.
ඔන්න දැන් ඔයාට දල වශයෙන් හිතන්න පුලුවන් " මන් මොනාද බ්ලොග් එකේ ලියන්නෙ"
ලියන්නෙ කියන එක..
ඔන්න අපි දැන් බලමු බ්ලොග් එක ලස්සන කරන්නෙ කොහොමද කියන එක.
දැන් ඔයා කරන්න ඕනි ඔයා බ්ලොග් එක ලියන්න තීරණය කල මාතෘකාව සදහා යෝග්‍යය template එකක් බ්ලොග් අඩවිය තුලට යොදා ගන්න.. template එකේ එතනදී අනවශ්‍යය දෑ ඉවත් කර ක්‍රමවත්ව බ්ලොගය නිර්මානය කරන්න අමතක කරන්න එපා....
ඒ කියන්නෙ බ්ලොගය තුලට පැමිනෙණ අයට ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් ඔබගේ ලිපි වලට යොමු විය හැකි ආකාරයෙන් බ්ලොගය නිර්මාණය කල යුතු අතර එය සිත් ඇද බැද තබා ගන්නා ආකාරයෙන් සකසා ගතයුතුය..
අනිත් වීශේෂම කාරණය තමයි ඔබ බ්ලොගය හරහා පලකරන ලිපි.. ඔබ ලියන ලිපි ඔබගේම නිර්මාන විය යුතුමයි.. වෙනත් වෙබ් අඩවි වල පල කර ඇති ලිපි සොරා ගැනීම නොකල යුතුමයි.. එනමුත් වෙනත් අඩවි තුලින් තොරතුරු ලබා ගැනීම කිසිම වරදක් නැත..
එතනදී ඔබ මහත්මා විදියට copy කල යුතුය. ඒ කියන්නෙ තොරතුරු ලබා ගත් අඩවියේ ලින්ක් එක ඔබ පාඨකයාට කිව යුතුය..
උදාහරණයක් බලන්නකෝ..
Body piercing aftercare tips
1. Your belly button Bactidine, anti-bacterial soap, 3-5 times daily with or ear care solution should be clear.
2. Make sure you rinse all the soap.
3. Salt water really helps, then buy non-iodized sea salt and cooled boiled water 1/4 cup about 1/2 teaspoon put.
4. Put it in a shot glass or small medicinal cup and bend over.
5. Keep your navel and lie down on it and kill 15 minutes.
6. It helps in the healing process and get rid of any pending infections.
7. Avoid swimming pools and spas.
8. Do not mess around with it.
9. Do not move your belly button or turn around to look at it.
10. If you want to see it, then look in a mirror.
11. Do not touch it with dirty hands.
12. Do not let people touch it or lick it.
SOURCE:rumsms
ඔන්න ඔය ආකාරයට යොදන්න අමතක කරන්න එපා. එය මහත්මා ගතියකි..ඒ කියන්නෙ අපි ලිපිය ලබා ගත් තැන දමපුවහම අපෙ ලිපිය බලන කෙනාට අපෙ ලිපියෙ මුල් ලිපියට යන්නට පහසු කම ලබා දී ඇත.
ඉහතින් සදහන් කර ඇත්තේ උදා හරණයකි..
දැන් අපි මලමු පින්තූර හරහා ට්‍රැෆික් ගන්නෙ කොහොමද කියල...
මම දන්නව අපි මොනව ගැන බ්ලොග් ලිව්වත් අපේම කියල පින්තූර අපිට හොයා ගන්න නෑ කියල ඔන්න ඕකටත් මන් විසදුමක් කියන්නම්...
දැන් අපි උදා හරණයක් විදියට මෙහෙම හිතමුකෝ.. ඔයා බ්ලොග් එකක් හදල ලිපියක් ලියනව BEAUTY TIPS ගැන...... ඔන්න ඔයා ලස්සනට ලිපිය ලියලා ඒ ලිපියට ගැලපෙන පින්තූරයකුත් දමන්න එපැයි ලිපිය කල එලි වෙලා එන්න.. ඔන්න දැන් අපි ඔයාගෙ ලිපියට ගැලපෙන image එකක් නෙට් එකෙන් අරන් photo shop වල එඩිට් කරන්න ඕනි මෙන්න මේ ටික.
image siz එක
colour එක
image එක දැනට තියන ෆොර්මැට් එක.
ඒ කියන්නෙ ඔයා ගත්ත image එක J P G කියන ෆෝර්මැට් එක නම් තියෙන්නෙ.. අපි එඩිට් කරලා සේව් කරද්දි p ng or gif වැනි format එකකින් සේව් කරන්න ඕනි.. image name එක විදියට. ඔයාගෙ ලිපියේ මාතෘකාව දෙන්න..
ඒක කරන්නෙ මෙහෙමයි..
අපි හිතමුකෝ ඔයාගෙ ලිපියෙ මාතෘකාව Body piercing aftercare tips
කියල... ඔන්න දැන් අපි image එක save කරද්දි නම විදියට ඔය මාතෘකාව මේ විදියට දමන්න ඕනි..
Body_piercing_aftercare_tips
ඔහොම save කරල ලිපිට දමන්න.. ටික දවසකින් google image ගිහින් Body piercing aftercare tips කියල හොයල බලන්නකෝ කොහොමද වැඩේ කියලා....
හරි අදට ඔය ටික ඇති.. තව දවසක SEO ගැන අපි කතා කරමු..
ඒ කියන්නෙ..
google analytics
Google Webmaster Tools
site map
backlinks
ඔන්න ඔව ගැන.. හරි එහෙනම් අදට ඇති මන් ගියා.. ඔයාලට මොනා හරි ගෙටලු තැන් තියනවනම් මගෙන් අහන්න... මන් කියල දෙන්නම්.. දන්න විදියට.. හොඳද...
ලිපිය බලල comment කරන්න නම් අමතක කරන්න එපා..

No comments