Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » Fiverr ගැන වැඩිදුර යමක්
«
Next
Newer Post
»
Previous
Older Post






හැමෝම ඉල්ලන්නේ Fiverr Post නේ.Fiverr ගැන මං Facebook හරහා තැබූ සටහන් කිහිපයක්, එකතු කර මේ ලිපිය ලිව්වේ.Fiverr ගැන උනන්දුවක් තියෙන අය Fiverr club එකට එකතු වන්න්න.උනන්දුව උත්සාහය තියෙන අයට ගොඩ යන්න පුලුවන්,ඒක සිරාම තමා.

FIVERR CS CANCEL අඩු කර ගන්නේ මෙහෙමයි................


Fiverr කරන ගොඩක් අයට මල පනින කේස් එකක් තමා Order එක Complete කළාට පස්සේ දවස් දෙක තුනකට පස්සේ ඒක CS එකෙන් Cancel කරනවා.මේක වෙන්නේ මෙහෙමයි.

ගිග් එක දාලා වැඩේ කරගෙන ගොඩක් වෙලාවට පොසිටිව් දානවා.ඊට පස්සේ දවස් 3-4 කට පස්සේ CS එකට කියනවා මගේ පේපෑල් එක හැක් කරලා මගේ කාඩ් එක හැක් කරලා.. මේක කළේ මං නෙමේ කිව්වාම CS එකෙන් කියන පරක්කුවට රිෆන්ඩ් කරනවා.... මේක කියවලා උඹලත් ඒ වගේ වැඩ කරන්න එපා...

හෙන ගහන අපරාධ ඕවා... ඕක ඉතිං සිංහලෙන් කිව්වොත් ගොඩක් තේරෙයිනේ,

මෙන්න අපේ භාෂාවෙන් The transactions referred to were cancelled due to alerts from our security department. Alerts can result from a chargeback of the payment by the buyer, an alert from our payment vendor, or an alert from other users within our network of suspicious buyer activity. In such cases we may be required to cancel a transaction or put it on hold for your own protection (for example - stolen credit card, other fraud activities...). This is part of the service we provide to maintain a safe environment for our users. We appreciate your understanding.
ඉතිං මේ වගේ වංචාකාරයොන්ගෙන් බේරෙන්නේ මෙහයි.

ගොඩක් වෙලාව (99.99%) උන් කරන්නේ තියෙන ඔක්කොම Extras ඉල්ලනවා.තව Extra Fast එකත් ඉල්ලනවා.ඉතිං අපි සු‍ටුස් ගාලා ඔක්කොම වැඩ පැත්තකින් තියලා මේක කරලවා.හෆොයි දවස් දෙක තුනකින් ඒක CS එකෙන් කැන්සල් කරලා.ඉතිං ඕක වලක්ව ගන්නේ මෙහෙයි.

ඔක්කොම Extras ඉල්ලපු අසාමාන්‍ය Order එකක් ආවාම පොඩ්ඩක් බලන්න ඕන ඕඩර් එක දාපු එකාගේ අකවුන්ට් එක කොයි වගේද කියලා.ගොඩක් වෙලාවට උන්ගේ User Name ඔහේ ගහපු ඒවා.තව එකම User Name එකට ඉලක්කම් එකතු කරලා අකවුන්ට් 4-5 කින් දාන්න පුලුවන්.

අපි ඕඩරය පටන් ගන්න කලින් උගේ Account එක බැලුවොත් ඒක අයින් කරලා කියන්න පුලුවන්.නැත්තම් ඒකට Private Message යවන්න දෙන්නේ නැති වෙන්න පුලුවන්.එතකොට ඒවගේ ඕඩර්ස් කොව්වර ගානත් ගෙව්වත් කරන්න එපා! පොඩ්ඩක් බලන් ඉන්න.ඕන නම් CS එකෙන් අහන්න පුලුවන්.එතකොට උන් එක Cancel කරනවා බලලා.

ඒක නිසා කරන්න ඕන පොඩ්ඩක් ඔලුව අත ගාලා කල්පනා කරලා මුන්ව හදුනා ගන්න එක.ඒක ඉතිං තම තම නැණ පමණින් දැන ගත යුතු දෙයක්.

මේක කිව්වේ දැන් ඉතිං වැඩ ටිකක් අඩු වුණා.ඒ වගේම මේක වැඩියෙන් බලපාන්නේ Resale කරන කස්ටියට,අතින් කයිට් වෙන වැඩක්නේ.



පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

Fiverr Facebook Likes Gig Ban වීම පි‍ටුපස කතාව............

Facebook Enforcement team කියලා එකක් තියෙනවා.ඕකේ ජනතාව කරන්නේ Facebook එකේ හොර වැඩ අල්ලන එක.වල් වැඩ,ජරා වැඩ,කැත වැඩ,බලු වැඩ,වනචර වැඩ මේ වගේම පිස්සු වැඩ කරන අයවත් අල්ලනවා.ඉතිං මට නම් හිතා ගන්න බැහැ මම මොන කාණ්ඩයටද අයිති කියලා.

සාමාන්‍යයෙන් Page එකක් Facebook Advertiser use කරලා likes ගත්තොත් $5 කට ලැබෙන්නේ likes 100 වගේ.බට් අපි $5ට likes 5000 දෙනවා Fiverr එකේ.ඔන්න ඉතිං මාක් අයියා භය වෙලාද කොහෙද අපි Fiverr එකේ Likes විකුණලා bill gates වගේ එයාගේ attack එකට එයි කියලා.ඔන්න ඉතිං ඒක නිසා කරන්නේ මේ වගේ සුලු සුලු ව්‍යාපාර පවත්වාගෙන යන අපි වගේ වූටි වූටි උන්ව පාගලා දාන එක.ඒකත් ඉතිං ආතල්.

Fiverr එකත් කරන්නේ පට්ට ආතල් වැඩනේ.දන්නවානේ උන්ගේ ලෝබකම.උන්ට ඉතිං දන්නවා මේ Online Marketing Category එකේ යන්නේ මොන වගේ සීන්ද කියලා.ඕක ඉතිං අයින් කොරලා දාන්න බැරිකමක් නැහැ.ඕක ඉතිං අයින් කළොත් Fiverr Earnings 200% කින් බහිනවා.ඒකනේ දැන් Gig Denied කරලා දාලා ඉන්නේ.Facebook's Enforcement team එකෙන් කිව්ව ගමන් gig අයින් කරනවා.ඊට පස්සේ තව එකෙක්ව Category එකේ ලිස්ට් කරනවා.Fiverr එකට ඕක ඉතිං දැනෙන්නේ නැහැ.

ඉතිං මේ Facebook's Enforcement team එක Fiverr එකට ඇවිත් ඕකේ search bar එකේ Facebook likes කියලා Search කරලා High Rating Gig ටිකේ ලින්ක් අරන Fiverr CS එකට යවන්නේ නැහැ.උන් කරන්නේ ඔය Facebook එකේ අස්සක් මුල්ලක් නෑර Search කර කර ඉන්නකොට අහුවෙන ලින්ක් අරගෙන Report කරන එක.ඉතිං ඔය Block කරපු ලින්ක් ආයේ Share කරන්න බැහැ.Message හරහා send කරන්න බැහැ.මේක ඉතිං පොඩ්ඩක් අවුල් සහගත වැඩක්නේ.හැමදාම Fiverr එකට කිය කියා ඉන්න බැහැනේ.ඒක නිසා ඉතිං Facebook එකෙන් පොඩි සද්දයක් දාන්න ඇති Fiverr එකට... අඩෝ අපි උඹලගේ ලින්ක් ඔක්කොම බ්ලොක් කරලවා Fiverr Fan Page එක අයින් කරනවා වගේ කියන්න ඇති.... අන්න ඉතිං ඕක නිසා දැන් V3 යටත් ලස්සන වැඩ පිලිවෙලක් තියෙනවා.ඒක තමා සිරාම එක.

එක Account එකකට නැති වෙන්න Orders දෙනවා.ඒ කියන්නේ දවසට 80-100 වගේ.එච්චර දෙන්නේ පොර Deliver කරනවා නම් විතරයි.Deliver කරන්න කරන්න Orders එනවා.ඒක තමා අලුත්ම සීන් එක.ඉතිං මේ පොරට Ratings 500 පැනපු ගමන් gig එක Denied කරනවා.මොකද උන් දන්නවා Gig එක නැගලා යනවා දැන් ඉතිං ඕක Buy කරපු උන් ඔය ලින්ක් එක Share කරනවා Message හරහා එක එක උන්ට යවනවා එතකොට මාක් අයියගේ සෙට් එක කෑගහනවා කියලා.ඉතිං උන්ට ලින්ක් එක සෙට් වෙනකොට ඒක අයින් කරලත් ඉවරයි.එතකොට උන් හිතනවා ෂා... ෆයිවර් එක මරුනේ.සිරානේ දැන් අපි කියන්නම ඕන නැහැ කියලා...

බට් උන් සති 2-3 ඇතුලත $6000++ Earning එකක් අර Account එකේ එකාට දීලා ඉවරයි.උන් දන්නවා කොච්චර සෙල්ලම් දැම්මත් Account 2-3 ඉන්න උන් ඉන්නවා කියලා.උන් දන්නවා gig එක Denied උනාම ඒ පොර අලුත් එකක් හදලා ආයේ එනවා කියලා.දැන් ඉතිං Fiverr කියන්නේ අයිස් ක්‍රීම් දන්සලක් වගේ...නැතුව බත් දන්සලක් වගේ නෙමේ කියලා Fiver දන්නවා..

We were contacted by Facebook's Enforcement team regarding your Gig. This service violates Facebooks Terms of Service and was requested to be removed. Your Gig will not be restored unless otherwise suggested by the same Enforcement team. For more information about this issue, please contact Facebook's Customer Support.



පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.



පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

එහෙනම් මම කැපුණා,
ඔබට ජය!

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html