Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #1
«
Next
Newer Post
»
Previous
Older Post

ගොඩක් කාලෙක ඉදලා PayPal කුප්පියක් දාන්න හිතාගෙන හිටියේ, ඒත් අරකෙන්, මේකෙන් ඒ වැඩේ මග හැරිලා ගියා. මේ ලිපි මාලාව Beginners එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑ, ඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්. ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.

මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ:

පේපැල් හි නීති සරලව කියාදීම.
පේපැල් සහ ලංකාව අතර ගනුදෙනු පැහැදිලි කිරීම.
මුදල් ගෙවීම් ලැබිය හැකි පෙපැල් ගිනුමක් සාදන ආකාරය / වෙරිෆයි කිරීම.
පේපැල් මගින් මුදල් ගෙවීම්, ලැබීම් කරන ආකාරය.
පේපැල් හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
පේපැල් මුදල් ඇලට්-පේ එකට දාන ආකාරය.
පේපැල් හි ඇති මුදල් 2checkout, Fastspring හා Plimus හරහා චෙක්කු මගින් ගෙන්වන ආකාරය.
පේපැල් හි ඇති මුදල් Payoneer කාඩ් එකකින් රුපියල් බවට හරවන ආකාරය.
පේපැල් සදහා ආදේශක වෙබ් අඩවි.

හා වෙනත් වල්-පල් සමග බොහෝ දේ.

PayPal ඩොට් com

eBay කවුරුත් දන්න වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය සදහා මුදල් ගෙවීම් කිරීම, ලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. VISA, MASTER, AMEX කාඩ් හරහා බැංකුවක ඇති මුදල් eBay එකට ලබාදීම, මූලිකව මේ වෙබ් අඩවිය හරහා සිදුවෙනවා. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්, අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. මෙහි මූලික ක්‍රියා පටිපාටි කිහිපයක් තියෙනවා. ඒවානම් Send, Receive, Withdraw.

Send = ඕනෑම VISA, MASTER, AMEX කාඩ් එකක හෝ පේපැල් ගිනුමේ ඇති මුදල් වෙනත් පේපැල් ගිනුමකට යැවීම.

Receive = ඕනෑම VISA, MASTER, AMEX කාඩ් එකක හෝ පේපැල් ගිනුමකින් එවන මුදල් තමන්ගේ පේපැල් ගිනුමට ලබාගැනීම.

Withdraw = පේපැල් ගිනුමේ ඇති මුදල් කාඩ් එකකට, බැංකු ගිනුමට හෝ චෙක්කුවක් මගින් ගෙන්වාගැනීම.

පේපැල් හි නීති සරලව

එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් පේපැල් ගිනුමක් පමනයි (Personal Account). එහෙත් ව්‍යාපාරය සදහා තවත් එක් පේපැල් ගිනුමක් තබා ගත හැකියි (Business Account). වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා.

සෑම පේපැල් ගිනුමකටම සීමාවක් පනවා තියෙනවා( $100-$500 ), ඒ සීමාව ඉවත් කිරීමටනම් වෙරිෆයි කල යුතුයි.

මේ සදහා, VISA, MASTER, AMEX කාඩ් වලින් එකක් හෝ බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි.

Send only / Send and Recive only / Send , Recive and Withdraw ලෙස කණ්ඩායම් තුනකට සියලු රටවල් වෙන් කර තියෙනවා. අවාසනාවට ලංකාව Send only කණ්ඩායමේ සිටින්නේ. මේ පිලිබද වැඩිදුර තොරතුරු https://www.paypal.com/worldwide/

එක් පේපැල් ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.

යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.

පේපැල් සහ ලංකාව

කලින් කීවා වගේ ලංකාව Send only කණ්ඩායමේ ඉන්නේ. අපේ රටේ විදියට හදන පේපැල් ගිනුම් වෙරිෆයි කලත් නැතත් මුදල් ගෙවීම් ලබන්න බෑ. යම් වෙබ් අඩවියකින් අපේ පේපැල් ගිනුමට මුදල් Withdraw කලවිට ඒ මුදල් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ Vanish වෙනවා. ඒ වෙබ් අඩවි වලින් ඇත්තටම මුදල් එවනවා. ඒත් පේපැල් අපේ මුදල් හොරකම් කරනවා කීවොත් මම නිවරදියි කියලා හිතනවා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන. :D

මුදල් ගෙවීම් ලබන්න බැරි වුනාට අපේ අහිංසක රටේ තියෙන මුදල් එයාලා පිට රටවලට අදිනවා. ඒ කියන්නේ VISA හෝ MASTER කාඩ් එකක තියෙන මුදල් පේපැල් හරහා වෙනත් රටකට යවන්න පුලුවන්. ඒක තමයි අපි ඊ-බොක්කෙන් බඩු ගෙන්නනවා කියලා කරන්නේ. ඒත් මේ කුමන්ත්‍රණ ගැන ඔය ලොකුයි කියාගන්නාවූ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණස්සල්ලට හේතුවක්. ඒත් එයාලා ඒ වෙනුවට එහෙන් ගෙන්වන භාණ්ඩ වලට මෙහෙන් බදු ගහලා මේ අහිංසක මිනිස්සුන්ව තවත් තලලා දානවා.

මං කියන්නේ මුදල් ඒ රටවලට යවන එක නවත්වන්න කියලා නෙවේ, යවනවා වගේ දෙගුනයක් අපිට මේ රටට ගෙන්නන්න පුලුවනි, ලංකාව දැන් දාලා තියෙන Send only කණ්ඩායම මාරු කරගත්තොත්. බැනුම් අහ අහා කුප්පි දදා කියලා දෙන්නේ, විදේශ විනිමය රටට ගේන හොදම ක්‍රමය තමයි.

ලංකාවේ බලධාරින් නැගිටිනකන් අපට ඉන්න බෑ. :P ඒ නිසා ඉස්සරහා දොරින් බැරිනම් පස්ස දොරින් හරි සල්ලි ගෙන්නමු. හිතනවා internet money ගැන උනන්දු බොහෝ පිරිසක් ලංකාවේ ඉන්න බව.

අදට මේ ලිපිය ඇති. නැත්නම් කියවන්නත් එපා වෙනවා නොවැ. iplusblog.com ලෙසට ඩොමේන් එක මාරු කලා. ඉදිරියේදී මේ නමින්ම බ්ලොක්කය තියෙයි. "පේපැල් හි ඇති මුදල් 2checkout, Fastspring හා Plimus හරහා ගෙන්වන ආකාරය" මේ දේ ඉගෙනගන්න මං ගොඩක් මහන්සි වුනා, අන්තිතමේට "ඉසුර නිර්මාල්" කියන යාලුවා ගොඩක් උදවු කලා. කුප්පියේ ඒ කොටස යනකොට මං ඒ ගැන කියන්නම්.

ගිහින් එන්නම්,
ඔබට ජය!

source: i plus blog

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html