Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

» » » oDesk මගින් මුදල් උපයන හැටි | oDesk කුප්පිය #4
«
Next
Newer Post
»
Previous
Older Post

පලමු පෝස්ට් එකෙන් අපි ගිනුමක් හැදුවා. දෙවන පෝස්ට් එකෙන් ‍රැකියා සදහා ඉල්ලුම් කලා. මෙන්න එහෙනම් තෙවන පෝස්ට් එක. ලේසි පහසු ‍රැකියා. මේක දෙවනුවට දැම්මානම් හොදයි කියා කෙනෙක් කියාවි. එහෙත් අපි ලබන අත්දැකීම් ගොඩක් වැදගත් වන හින්දයි. පුරුදු වෙන්නත් එක්ක ‍රැකියා ඉල්ලුම් කරන්න ඇරලා මේක තෙවන පෝස්ට් එකෙන්ම දැම්මේ. ඒ වගේම පලමු දෙවන පෝස්ට් වලට ප්‍රතිචාර දක්වා දිරිමත් කල සැමට ස්තූතියි!

අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.


වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්.  ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha  එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න

02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.

03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.

‍රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව,  පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.

05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.

මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.

ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.
මං දන්නා හැමදේම කියලා දුන්නා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් අහන්න. ඒ වගේම හොර බොරු වංචා නැති හොද කීර්තිමත් නම්ක් දිනාගත් කොන්ත්‍රත්කරුවෙකු වන්න. මගේ අන්තිම oDesk පෝස්ට් එක "oDesk හි මගේ අත්දැකීම්” සමග නැවත හමුවෙමු.

(මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය  i plus blog  කතෘ  සතු වන අතර ඔහුට උපහාරයක් පිනිස මෙම  ලිපිය මෙහි පල කල  බව  කරුණාවෙන් සලකන්න)

About xfgjhfgj

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html