Select Menu

Contact Form

Name

Email *

Message *

adsense account

seo

PayPal

ClickBank

AdSense Alternatives

AdSense Alternatives

adsense account

blog news

අභාගේ ඉවරවෙලා දාන පලමුවෙනි කුප්පියයි මේ.මේ වෙබ් අඩවි ගැන ගොඩක් කලින් ඉදන්ම ලියන්න හිතාගෙන හිටියේ, ඒත් දැන් තියෙන අඩවි ආවෝ ගියෝ. සල්ලි ගත්තා, පැන්නා. ඒ නිසා ටිකක් කල් ඇරපුවාම ස්ථීරව තියෙනවා, විස්වාසයි කියන වචන දෙක කියන්න පුලුවන්නේ. මං නම් හිතන්නේ නෑ, මේ ලිපිය කියවන කවුරුන්හෝ තවමත් PTC පස්සේ දුවනවා ඇති කියලා. ඒවා හුදෙක් වංචාකරුවන් උදෙසා පමනයි නොවැ. දැන් සල්ලි හොයන්න තියෙන

-

Payoneer Card කියන්නේ මොකක්ද?

මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?

අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?

ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.
-
පේපෑල් කුප්පිය 7 හි ඉතිරි කොටසයි මේ ලියන්නේ. අපි මූලික කරුනු කලින් ලිපියෙන් කතාකලා. ලිපිය ලියන්න පරක්කු කලේ කිසිම කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බවක් නොදැනුන නිසා. අනේ මංදා, ඒක ඔයලාගේ කැමැත්තක්. මේවා අමාරු දේවල් නෙවේ, ඉස්සරලා ලිපියේ කියලා දීපු ඩබල් ඇක්ටින් කරන්න බැරිනම් ඔයාලාට ලේසි වැඩක් තියෙනවා කරන්න. ඒක මෙහෙමයි අපි වෙලෙන්දයි, පාරිභෝගිකයයි විදියට රගපාන්නේ නැතිව, ඔයාගේ පේපැල් මුදල් යාලුවෙකුගේ PayPal එකවුන්ට් එකට දාලා එයාට එම භාන්ඩය Plimus හරහා මිලදීගන්නයි කියන්න. එතකොට ඇඩොන්, ඩොංගල් මුකුත් ඕනේ නෑ. හිතේ වංචාවත් නෑ. මොනවා කලත් කමක් නෑ, ඉල්ලන්නේ මේකයි, ඔය ඉස්සරලා යාලුවා කීවේ, අන්න එයා හැටියට මාව ‍තෝරගන්නනම් එපා. කොටින්ම කීවොත් මුදල් ගනු දෙනු සදහා මාව ගාවගන්න එපා. අර කතාවක් තියෙනවානේ, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ, කනවෝ කියන්න එපා කියලා.
-
අද ලිපියට ගොඩක් අය කැමති වේවි. අද කියන්න යන්නේ චෙක්කු මගින් කොහොමද පේපැල් මුදල් ලංකාවට ගෙන්නාගන්නේ කියලා. මේ සදහා වැඩේට ඉස්සරලා, වටපිටාව ගැන කතාකරලා ඉන්නම්.

මම දැනට පේපැල් ගිනුම් 4ක් විතර නාස්ති කරගෙන, VC කාඩ් 5කට විතර මුදල් වියදම් කරලා, බැංකු ගිනුම් හදලා, වෙබ් කාඩ් අරගෙන, වීසා කාඩ් අරගෙන, අමාරුවෙන් පේපෑල් ගැන ඉගෙනගත්තා. පේනියර් කාඩ් ගැනත් යම් අවබෝදයක් ගත්තා. Fastspring, Plimus, 2Co කියලා වෙබ් අඩවි තියෙනවා කියලා ඉගෙනගත්තා. ඒත් සල්ලි ගොඩක් නාස්ති කරගත්ත නිසා ඒවා ට්‍රයි කරන්න ගියේ නෑ. අහුවා ඇහුවා, ඇහුවා. කවුරුත් කියලා දුන්නෙත් නෑ. ඒත් කාලෙක ඉදන් පේපැල් කුප්පියක් දාන්න ආසාවක් තිබුනා, එකම අඩුපාඩුවකට තිබුනේ ඉහත කී කරුන විතරයි. අන්තිමේට පෝස්ට් එකක් ලියනකොට මං ලීවා මේක දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න කියලා, ඒ පෝස්ට් එක දාලා සතියකට විතර පස්සේ කොමෙන්ට් එකක් වැ‍ටුනා, මං මේක දන්නවා ඔයාටත් කියලා දෙන්නම් කියලා, ඒ කාගෙන්වත් නෙවේ "ඉසුර නිර්මාල්" කියන යාලුවාගෙන්. ඉතින් එයාව Contact කරගත්තා. එයාත් එක්ක සිදුවුන ඊමේල් ගනුදෙනුව මං අන්තිමේට කියන්නම්. හැබැයි මේ ලිපියේ අඩංගු තොරතුරු වල ගෞරවය ඒ යාලුවාට හිමිවෙන්න ඕනෑ. ඒ වගේම එයාට ගොඩාක් ස්තූතියි කියලාම ලිපිය පටන් ගන්නම්.
-
මේ ලිපියෙන් ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩ ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් සහ නොදන්නා කෙනෙකුට දැනගන්නත් එක්ක, පේපැල් මුදල් වලින් යම් භාන්ඩයක් මිලදීගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනින් පස්සේ ආයේ ඊබොක්ක ගැන කියන්නේ නෑ. මීලග ලිපි වලින් අපි කතාකරන්නේ Alertpay, Plimus, Fastspring සහ Payoneer ගැන. කොහොමත් තව ලිපි දෙකක් විතර ලියනකොට මේ කුප්පිය සම්පූර්ණයෙන් ඉවරවෙයි. අපි දැන් කුප්පියට බහිමුකෝ,

මගේ ගනු දෙනු ගැන කීවොත්, ගොඩක්ම ගනු දෙනු කරලා තියෙන්නේ Buyincoins එක්ක. දැනට භාන්ඩ 20ක්, 30ක් විතර. ඊට පස්සේ DX එකත් එක්කත් ගනු දෙනු කිහිපයක් කරලා තියෙනවා, මීට අමතරව mistertao සමගත් ගනු දෙනු කිහිපයයි. කිහිපයයි කියන්නේ තුන හතරක්. budgetgadgets සමගත් miniinthebox සමගත් එක් ගනුදෙනුව බැගින් කරලා තියෙනවා. ඊබොක්ක සමග කලේ එක ගනුදෙනුවයි ඒ ගනුදෙනුවෙන් තමා පේපැල් ගිනුමට කෙලවුනේ.
-
මේක කලින් ලිපියේ ඉතිරි කොටස. තවත් කොටසක් තියෙනවාද කියන්න දන්නේ නෑ, බලමුකෝ ලියලා. mistertao සහ buyincoins ගැන දැන් හොදටම දන්නවානේ, මේ වෙබ් අඩවිවල නම් කිසි හොරයක් බොරුවක් නෑ. මං ගොඩක් කල් ඉදන් ගනු දෙනු කරනවා. mistertao ගැන තව පොඩ්ඩක් කියන්නම්. taobao.com කියලා අංක එකේ චීන වෙබ් අඩවියක් තියෙනවා, ඒ වෙබ් අඩවියෙන් තමයි මෙයාලා භාන්ඩ එවන්නේ. ඒ වගේම taobao කියන එක සම්පූර්නයෙන්ම චීන භාෂාවෙන් තියෙන්නේ, mistertao කියන්නේ එයාලාගේ ලොකුම ඒජන්තවරයා. හරි ඒවාගැන ඇති. තවත් වෙබ් අඩවි කීපයක් ගැන කියන්නම්.
-
මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඊබොක්කේ වෙලෙන්දෝ

ගනන් කරන්න අමාරු තරමේ භාන්ඩ රාශියක් සමග ගනන් කරන්න අමාරු තරමේ වෙලෙන්දන් ගොඩක් ඉන්නවා. ඔයාලා හිතනවාද මේ වෙලෙන්දා තමන්ගේ කොම්පැනියෙම නිපදවපු භාන්ඩ ඊබොක්කේ විකුනනවා කියලා? නෑ.. එහෙම වෙලෙන්දොත් ඉන්නවා, ඒත් ගොඩක් ඉන්නේ අතරමැදියෝ. එයාලා කරන්නේ Drop Shipping. වෙනත් වෙබ් අඩවියකින් භාන්ඩයක් මිලදීගෙන, ලාභ තියාගෙන ඊබොක්කේ විකුනනවා. අපේ එවුන් ලාභයි ලාබයි කියලා අරගන්නවා. ඇමෙරිකාවෙන් Top Rated වෙලෙන්දෙකුගෙන් ගත්තේ කියලත් කියනවා. ඒත් බොහෝවිට ගෙදරට භාන්ඩේ එන්නේ චීනෙන් හෝ හොං කොං වලින්. අපි බලමු මේ වෙලෙන්දෝ කොහෙන්ද මේ භාණ්ඩ මිලදී ගන්නේ කියලා.
buyincoins.com
මේක අන්තර්ජාලේ තියෙන භාන්ඩ මිල අඩුම වෙබ් අඩවිය. චීනය, හොංකොං, සිංගප්පූරුව වගේ රටවල්වල ශාඛා පිහිටලා තියෙනවා. තියෙන සියලුම භාන්ඩ Free Shipping . ලංකාවට ඇතුලුව ලෝකේ වටේ රටවල් 170 කට නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ වෙබ් අඩවියේ Shipping ක්‍රම 3ක් තියෙනවා.

-
හදිස්සිකාරයෝ ගොඩක් ඉන්න නිසා ඊලග පෝස්ට් එකක් ඉක්මනට ලියන්න හිතුවා. මේ ලිපියෙන් VCC හා පේපැල් වෙරිෆයි කිරීම හා තවත් බොහෝ දෑ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරෝම ඉස්සරලා පෝස්ට් එකේ කියපු ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගෙන්වාගැනීම පිලිබදව කතාකරමු.

ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?
-
මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ අති සාර්ථක ලෙස මුදල් ගෙවීම් ලැබීමට, මුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇති හා කාඩ් එකකට ලබාගත හැකි පේපැල් ගිනුමක් හදහ හැටි. ඒ වගේම හැමෝම ගහන මැලෙසියන් බයිලේ නෙමේ මං ගහන්න යන්නේ.

මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස්

[#] මුලින්ම දැනගන්න ඕනේ, අපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.
[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලා, දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] "පේපැල් හි නීති සරලව" පලමු ලිපියෙන් කියාදුන් පරිදි, යම් හෙයකින් අපේ පේපැල් ගිනුම limit කලහොත් අපි අපේ අනන්‍යතාවය තහවුරු කල යුත්තේ වෙනත් රටක ඉදලා දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] ඒ වගේම ඔබේ පේපැල් ගිනුම හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.
[#] eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි. ( eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම පෙන්වන්නම්)
[#] IP/Proxy Hide මෘදුකාංග කිසිම දෙයක් මේ සදහා භාවිතා කරන්න එපා.
[#] දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්, නව පේපැල් ගිනුමක් සෑදීමට පෙර පරිඝනකය Format කිරීම නුවනට හුරුයි.
[#] කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.
-
ගොඩක් කාලෙක ඉදලා PayPal කුප්පියක් දාන්න හිතාගෙන හිටියේ, ඒත් අරකෙන්, මේකෙන් ඒ වැඩේ මග හැරිලා ගියා. මේ ලිපි මාලාව Beginners එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑ, ඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්. ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.
-
මෙහෙම ලිපියක් මම ලියන්නනම් හිතාගෙන හිටියේ නෑ. ඒත් ලියන්න වුනා. ඒකට එක හේතුවක් තමයි කොච්චර කොව්වා කීවත් oDesk අසාර්ථක අය ගොඩක් සිටීම. තව හේතුවක් තියෙනවා. ඒක අන්තිමේට කියන්නම්. මම oDesk ගැන දන්න හැමදේම කලින් ලිපිවලින් ලීවා. ඒත් මගහැරුන පොඩි පොඩි කාරණා එකතු කරලා මේ ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලිපිය Q & A විදියට ලියන්නම්. එතකොට ඔබේ ගැටලුවටත් ඉක්මන් උත්තරයක් ලැබේවී.

රස්සාවක් ඉක්මනට හොයාගන්නේ කොහොමද?

උදාහරනෙකින් කියන්නම්. මේක බ්ලොග් ලියන අය නම් දන්නවා. අපි අලුතින් ලිපියක් ලියලා දවසක් විතර යනකන් අපේ බ්ලොග් දිහා බලාගෙන ඉන්නවා නේද? ඒ මුකුත් නෙවේ, page views වැඩිවෙලාද? කොමෙන්ට් දාලාද? ලිපිය හොදයිද? කියලා නේද? ඒ වගේම තමයි ජොබ් එක oDesk එකට ලබාදෙන කෙනත්, එයාගේ ජොබ් එක පෝස්ට් කරලා දින දෙක තුනක් යනකන් ටච් එකේ ඉන්නවා. ඒ දින දෙක ඇතුලත තමාගේ හිතට අල්ලන කොලුවෙක් හම්බුනොත් රස්සාව ඌට දීලා දානවා.
ඒ නිසා අපි හැමවෙලේම ඉල්ලුම් කරන්න ඕනේ අලුත් ජොබ් වලට, ජොබ් එකක් සර්ච් කරනකොට "Newest Jobs First"යන්න ‍තෝරන්න.
-
මේ මගේ oDesk ලිපි මාලාවේ අවසාන ලිපිය. පලමු, දෙවන, තෙවන ලිපි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනු නිසා හිතුවා අන්තිම ලිපියත් ඉක්මනට ලියලා දාන්න. අපි oDesk ගිනුමක් හදලා ‍රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් ‍රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්.

ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතු‍ටු කලේ නෑ. ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකමයි, මෝඩකමයි නිසා. මම මාස ගානක් ඔට්‍ටු වෙලා ලබපු අත්දැකීම් ඔබලාට අඩු නැතිව කියලා දුන්නා.
ඒ කියපු කිසි දෙයක් වංචා සහගත ඒවා නෙවෙයි. මම ‍රැකියා ඉල්ලුම් පත්‍ර 10ක් දැම්මොත් අනිවාර්යෙන් 1ක් හරි හම්බෙනවා. ඒ ක්‍රමේ ඔබලාටත් කියලා දුන්නා. හම්බුනාට මට කරන්න හිතෙන්නේ නැති එකනේ ගැටලුව?
-
පලමු පෝස්ට් එකෙන් අපි ගිනුමක් හැදුවා. දෙවන පෝස්ට් එකෙන් ‍රැකියා සදහා ඉල්ලුම් කලා. මෙන්න එහෙනම් තෙවන පෝස්ට් එක. ලේසි පහසු ‍රැකියා. මේක දෙවනුවට දැම්මානම් හොදයි කියා කෙනෙක් කියාවි. එහෙත් අපි ලබන අත්දැකීම් ගොඩක් වැදගත් වන හින්දයි. පුරුදු වෙන්නත් එක්ක ‍රැකියා ඉල්ලුම් කරන්න ඇරලා මේක තෙවන පෝස්ට් එකෙන්ම දැම්මේ. ඒ වගේම පලමු දෙවන පෝස්ට් වලට ප්‍රතිචාර දක්වා දිරිමත් කල සැමට ස්තූතියි!

අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

-

\
මුලින්ම ස්තූතිවන්ත වෙනවා පලමු පෝස්ට් එකට කමෙන්ට්ස් දමා දිරිමත් කල සැමට. මුල් පොස්ට් එකේ කියලා දුන්නා සම්පුර්නව එකවුන්ට් එකක් හදන හැටි. මේ පොස්ට් එකෙන් කියලා දෙනවා ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය, තවත් පොස්ට් එකකින් ලෙහෙසියෙන් පහසුවෙන් කල හැකි ජොබ් සහ ලංකාවේ අපිට පහසුවෙන් ලබාගත හැකි ජොබ් ගැන දෙන්නයි බලාපොරොත්තුව.

ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි
-
PTC ක්ලික් කරනවා, ක්ලික් කරනවා, ඈනුම් ගිහිල්ලා හක්ක පනිනවා, ඒත් දියුනුවක් නෑ. මෙන්න මේ අයට හොදම බෙහෙත මේ පෝස්ට් එකෙන් හම්බවෙයි. කියලා දෙනවා දන්න ඔක්කොම, ඒ නිසා මේ පොස්ට් එක හොදට, උවමනවෙන් කියවන්න. මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.
-
oDesk එකේ Online ජොබ් එකක් කරන්න Odesk Ready Test නම්වූ විභාගය සමත්වීම අනිවාර්ය වෙනවා. ඒක සමත් වෙන්නනම් ඒගොල්ලන්ගේ Agreements කියවලා හොද අවබෝදයක් තියෙන්න ඕනේ. මේක මහ කම්මැලි වැඩක්. සුද්දන්ගේ දෙමල අපිට තේරෙනවයැ. ඔන්න එහෙමම් ඒ පේපර් එක එක ටැබ් එකකින් ඕපන් කරගෙන මේ පේජ් එක තව ටැබ් එකකින් ඕපන් කරගෙන හොර නොකර කොපි කරන්ඩෝ.


-

 

eMoney කුප්පිය

වෙනදා වගේ නැතිව අද කලින්ම කුප්පිය දාන්නයි අදහස් කලේ. කුප්පියක් කියලා කීවාට ඉස්සරෝම ලෑස්ති වෙන්නේ විවේචනයක් කරන්න. ඒ වගේම ඒ හරහා ලොකු දැනුමක් දෙන්න. ලංකාවේ eමනී ගුරෝ ගැන තමයි කියන්න හදන්නේ. කාලයක් ඇඩ්සෙන්ස් විකුනාගෙන කෑවා. දැන් අලුත් වචනයක් ඉගෙනගෙන. Data Entry කියලා. දැන් විකුනාගෙන කන්නේ Data Entry. මෙන්න මේ වෙලෙන්දන්ට බඩේ පාර ගහන්න තමයි යන්නේ. මට මේ ගැන මුලින්ම හිතුනේ Sunday Observer පත්තරේ පි‍ටුවක් පුරා තිබුනු දැන්වීමක් දැකලා. A/L වලින් පස්සේ ගැසට් නිවේදන හා වෙනත් ඇඩ් බලන්න පත්තරේ ගන්නවා. නැතිව po$h එකට ඉංගිරීසි පත්තර කියවනවා නෙවෙයි. ඉතින් මෙන්න මේකයි දැකපු දැන්වීම,
-

කුප්පියක් දාන අස්සේ ඔන්න ආයෙත් බෝතලයක්ම අරගෙන ආවා. හෆ්ෆා මේ දවස්වල හරියට වැඩ. හ්ම්....හ් අමතර කාරනානම් නෑ. ඒ නිසා කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට කියලා Plimus ගැන ලිපි පෙලක් ලීවා මතක ඇති. ඒත් දැන් වැඩේ අල වෙලා. දැන් එයාලාගේ පේමන්ට් ක්‍රම වෙනස් කරලා. පහල මැසේජ් එක බලන්න,
-
ඔන්න අද ආවේ දෙවෙනි බෝතලයත් අරගෙන. අමතරව කියන්න වෙනත් ඕපාදූප මුකුත් නැති නිසා කෙලින්ම කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් ගැන කීවට පේපැල් සහ ලංකාවේ බැංකු ගැනයි කියන්න යන්නේ. ගොඩක් අය පේපැල් වෙරිෆයි කිරීමට භාවිතා කරන්නේ HNB & Sampath Visa නේ. ඒ නිසා ඒකෙන්ම කථාවට බහින්නම්.

HNB Visa ඩෙබිට් කාඩ් පත ගැන

ඔයාලා පෙපෑල් වෙරිෆයි කිරීමට මේ ඩෙබිට් කාඩ් පතක් ගන්නවානම්, මේ දේවලුත් දැන කියාගෙන තියෙන එක හොදයි. අපි බැංකුවට ගිහින් කියන්නේ නෑ මම හොර පේපැල් එකක් හදලා තියෙන්නේ. ඒකෙන් සල්ලි මේ කාඩ් එකට දාන්නයි අරගෙන යන්නේ කියලා. කාඩ් එකට සල්ලි එයි නේද? අහුවුනොත් මොකද වෙන්නේ? මේවා කියන්න එපා. එහෙම කීවොත් සිකුරුටි මහත්තයා ඔයාව පොලෝසියට ඇදගෙන යාවි.
-
අද කුප්පි දෙක තුනක් එකතු කරලා බෝතලයක් දාන්නයි යන්නේ. මෙතෙක් කල් දාගෙන ආපු කුප්පි දැන් සෑහෙන දුරට ඉවරයිනේ. එක අතකට ඉවරවුනු එකත් හොදයි, හෙට අනිද්දාට ගෙදරින් එලවයිද කියන්නත් බෑ නොවැ. :P ඔන්න එහෙනම් කුප්පි දාගෙන දාගෙන දාගෙන යන්නම්.

Adsense කුප්පිය

කුප්පියක් කීවට කතාන්දරයක් තමයි කියන්න යන්නේ. ඔන්න එකෝමත් එක දවසක මං ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. මිලදී අරගත්තේ, ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගිනුමක් ගූගල්ගෙන් ඉල්ලාගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහා‍ටු ගන්නවා වගේ නිසා. ඒ මිලදී ගත්ත ගිනුමෙන් ඉතින් ඔන්න හා.. හාපුරා කියලා ඇඩ්ස් දැම්මේ, iPlus Blog එකට, Ad පෙන්නන්නේ නෑ. සිංහලනේ. ඊටපස්සේ දැම්මා මගේ බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන බ්ලොක්කයට. අන්න ඒකේනම් එලට වැඩ. ඊටපස්සේ දැම්මා moviecrux.com කියන මගේ ‍AVI ෆිල්ම් තියෙන බ්ලොක්කයට. ඒ බ්ලොක්කය හැදුවේ ඇඩ්සෙන්ස් ඉලක්ක කරගෙනමයි. දවස් කීපයකින් ඒකේ ඇඩ් පෙන්නන එක disable කරලා තිබුනා. ඒ ‍AVI ෆිල්ම් දෙන එක නීති විරෝදී නිසා. ඒ හින්දා ඒ බ්ලොක්කය අතහැරලා දැම්මා.
-