Pages

Monday, December 9, 2013

පහසුවෙන් Google webmaster Tool වෙත Site Map එකක් යොමු කරමු.

ඔන්න අද මම කියන්න යන්නෙ කොහොමද Google Webmaster Tool  වෙත Site Map  එකක්  යොමු කරන්නෙ  කියන්  එක  ගැනයි..
අපි  ඊට කලින්  බලමු  Google site Map  එක  කියන්නෙ  මොකක්ද? මේකෙන්  වෙන  වාසිය  මොකක්ද?  කියනෙ දේ..

Google Webmaster Tool/Site Map කියන්නෙත්  Google analytics වගේම  දෙයක් මේකෙන්  වෙන්නෙත් Google Index  එක  වෙත ඔයාගෙ  බ්ලොග්  එකේ තියන  විස්තර  යොමු කරන එක  තමයි....
හැබැයි  Webmaster Tool/Site Map  එක Google analytics වලට වඩා  ටිකක්  දියුණු තාක්ෂනයක් මොකද Google Webmaster Tool/Site Map එක  තුලින්  අපිට  පුලුවන්  ඕනි  නම්  අපේ  බ්ලොග්  එකේ  තියන  සමහර  පුද්ගලික  ලිපි  ගූගල් සෙවුම් යන්ත්‍රයට  නොයවා  block  කරන්නත්..  මෙහෙමත්  දෙයක්  තියනව මේ දේවල්  මම කියනවට  වඩා බර  වචන  දාලා  කියන්නත්  පුලුවන්  නමුත් මම  හිතන්නෙ  මේ  විදියට  කිව්වහම  ඔයාලට තේරුම් ගන්න  පහසු  වෙයි  කියල මම හිතනවා..

හරි දැන් අපි පියවරෙන් පියවර  බලමු ඔයාලගෙ බ්ලොග් එකට  Webmaster Tool/Site Map එකක් යොදන  ආකාරය..

Google webmaster Tool වෙත Site Map එක  යොමු කරමු.

මේ ලිපිනයට  යන්න  මුලින්ම.
http://www.google.com/webmasters/

ඔන්න දැන් Google Webmaster  වලට ඔයාගෙ  බ්ලොග්  එකේ Email And Password දීල ලොග් වෙන්න..
පහත රූපය බැලීමෙන් ඔබට එය වඩාත්ම පහැදිලි වෙයි..
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

දැන් ඔයාට පහත ආකරයේ පිටුවක් ලැබෙයි.. එතන  ඔයාගෙ  බ්ලොග්  එක  මේ විදියට පෙන්වයි.. එහෙම  පෙන්නුවෙ නැත් නම්  add site   කිඉයන  බොත්තම  ඔබල  ඔයාගෙ  බ්ලොග් එකේ  ලින්ක්  එක  දීල  add  කරන්න.

පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

ඔන්න දැන් හරි  ඉහත මම  දාල  තියන  IMAGE   එකෙ මම මාක් කරල  තියන්  ඕනි තෙනක්  ක්ලික් කරල  Google Webmaster Tool Dashboard එකට එන්න.  අන්න  එතන  මෙන්න  මේ විදියට ඔයාට  පෙනෙන්න  ගනී..
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න
දැන් මම ඔය රවුම් කරල තියන තැන  ඔබන්න..  ඔබපුවහම    Webmaster Tool/Site Map  එක  දාන්න  තැනක්  එනව. ඒක  ඔයාට  පහත රූපය හරහා වඩාත්ම  පැහැදිලිව බලා ගන්න පුලුවන්..
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

හරි  ඔය window  එකේ මම රවුම්  කරල  තියන add/test sitemap කියන  බොත්ත්ම  ඔබන්න..
ඔන්න දැන්  ඔයාට site map  එක   යොමු කරන්න තැනක් එයි.. ඔය  රූපයේ මම  පෙන්නල තියෙන්නෙ ok..  ඔන්න දැන් මම පහතින්  දීල  තියන site map    එක  ඔතනට past  කරන්න..

http://YOURBLOGNAME.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500  

ඔය විදියට site map  එක යොමු කරන්න(http://YOURBLOGNAME.blogspot.com/) මේ ටික  අවශ්‍යය නෑ ok.

දැන් submit site map බොත්තම ඔබන්න. එතකොට  එන  pop up window  එක refresh  කරන්න.. දැන් ඔයා සාර්තකව  site map  එක  හදල ඉවරයි.. සති 3කින් විතර Google Webmaster Tool  deshbord එකට ලොග් වෙලා බලන්න.. ඔයාගෙ ලිපි google index  එකට යොමු වී ඇති අයුරු ඔබට බලා ගත හැකි..

හරි දැන් ඇති..  අඩු පාඩු වැරදි තියනවනම් comment  කරල  කියන්න..
එහෙනම්  
ජය වේවා...!!!
Happy bloging.....!!!

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html