Pages

Monday, December 9, 2013

ඔබගේ බ්ලොගයට Google Analytics Code And ID ඇතුලත් කරමු.

හරි යාළුවනේ අද මම ඔයාලට කියනව තවත් වැදගත් මාතෘකාවක් ගැන. අද අපි බලමු Google Analytics Account එකක් නිර්මණය කරන ආකාරය හා ඒහි ඇති ප්‍රයෝජන මොනවද කියන එක..

Google Analytics යනු කුමක්ද?

Google Analaytic යනු ඔබගේ බ්ලොග් අඩවි වෙබ් අඩවි වල ඇති තොරතුරු Google Index එක තුලට ගෙන ඒමට උපකාරි වන විශ්ලේෂකයක් කිව්වොත් මම නිවැරදී..


Google Analitics  වල ඇති ප්‍රයෝජන මොනවාද?

මේකත් ඉතාමත් වැදගත්.. google analytics වලින් වන ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ ඔබගේ බ්ලොග් අඩවි තුලට ස්වාභාවික නරබන්නන් පිරිසක් ගලා ඒමයි.. දැන් අපි බලමු ඒක  කොහොමද  වෙන්නෙ කියල.. google analytics sode  එක දාල තියන අඩවි වල  ගබඩා  කර ඇති සියලු තොරතුරු  ගූගල් සෙවුම් යන්ත්‍ර වෙත  ගෙන ඒම මෙහි  ප්‍රදාන කාරය  බව මම  ඉහතින් කිව්ව..

ඉතින්  යම්  කෙනෙක්  google search box  එකේ type කරල මොකක් හරි හොයනව කියමුකෝ අන්න ඒ  කෙනා  හොයන දේ  ඔයාගෙ බ්ලොග් එකෙ  තියනවනම්  google  search engin කෙන් ඔයාගෙ  බ්ලොග් එක  පෙන්නනව..  ඔන්න  ඕකයි වෙන්නෙ දල වශයෙන්  කිව්වොත්..
 මෙවා  ගැන  හොදට  ලියපු වෙබ්  අඩවියක්  තියනව ඔයලට පුලුවන්  ඒවත්  බලල ඔයාලගෙ  දැනුම  වර්ධනය කර  ගන්න.
පහතින් තියෙන්නෙ  ඒ  අඩවිය.


හරි දැන් අපි Google Analytics Account එකක් හදන්න පටන් ගමු..
මොකද අපි අපෙ  බ්ලොග් එකට google analytics code  එක දාන්න  කලින්  අපි එහි  ලියා පදිංචි වෙන්න  ඕනි වෙනව..   ඉතිං  පහල  පියවරවල් අනුගමනය කරමින් එහි ලියා පදිංචි වෙන්න..
 මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට  ලොග් වෙන්න
දැන් මෙතන ඔබා Google Analytice  වෙත යන්න.
දැන් Access Google Analytics බොත්තම  ඔබන්න.

මෙය ඔබට පහත රූපය මගින් වඩාත් පැහැදිලි වනු ඇත


පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

ඔයා ඔය විදියට Singup උනාට පස්සෙ  ඔයාට  පහත ආකාරයේ  වින්ඩොව්  එකක්  එයි..   එයට  ඔබගේ  බ්ලොග්/වෙබ් අඩවියේ  සියලු  විස්තර ලබා  දෙන්න..

පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

ඔන්න ඔහොම කරලා  get tracking id බොත්තම ඔබන්න.. එතකොට එන  pop up window  එක accept  කරන්න.
දැන් ඔයාට  එන  පිටුවෙ  tracking info  කියන  tab  එක  ඔබන්න..
එතන තියන tracking code  කියන  එක  තෝරන්න..

 ඔන්න ඔයාගෙ  බ්ලොග්  අඩවියේ tracking  code  එකයි..  tracking id   එකයි  දැන්  පෙන්නයි..
අපි දැන් බලමු ඊලගට මොකක්ද කරන්නෙ කියල..

Google Analytics ID ඒක බ්ලොගයට ඇතුලත් කිරීම..
අපි ඊලගට  කරන්න  ඔනී Google Analytics ID එක බ්ලොගයට  ඇතුලත් කිරීම  ඒ  සදහා  පහත් පියවරයන් අනුගමනය කරන්න
Gо tо Blogger >> Settings >> Othеr

දැන් ඔයාලට  tracking id  එක යොදන්න  තැනක්  ලැබෙයි.. එතනට ඔයාලගෙ tracking id  එක යොදන්න..  මෙය   පහත් රූපයෙන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.

පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න
මෙසේ   ඔබගේ Google Analytics id එක ඇතුලත් කර save කරන්න.

Google Analytics Code ඒක බ්ලොගයට ඇතුලත් කිරීම..

අපි ඊලගට කරන්න ඕනි Google Analytics Code එක බ්ලොගයට ඇතුලත් කිරීමයි. එ සදහා පහත් පියවරයන් අනුගමනය කරන්න..
Gо tо Blogger >> Template >> Edit HTML
Backup එකක් තියා ගන්න .
දැන් C+f ගහල  එන  search box එකේ </body>  type  කරල enter  බොත්තම ඔබා </body> ටැග් එක හොයාගෙන</body> tag : එකට උඩින් ඔබගේ Google Analytics Code එක copy කර past  කර  save  කරන්න...

ඔය  පියවරයන්  අනුගමනය කරා  නම්  ඔයා සාර්තකව Google Analytics Code/ID ඔබගේ බ්ලොගයට ඇතුලත්  කර හමාරය... 

පැය කීපයකදී ඔබගේ  බ්ලොගයේ ලිපි google index  එකතුල  දර්ශනය  වනු ඔබට දැකිය  හැකිය..  
ඒ කොහොම  උනත්  මගේ පුද්ගලික  අත්දැකීම  අනුව සාමාන්‍යයෙන් බ්ලොග්  එකක් google search engin වල  search වෙන්න  මාස 3ක්  විතර යනව..

හරි  අදට ඇති..  ලිපියෙ  හොද  නරක  අඩු පාඩු  කියල  කොමෙන්ට් කරන්න අමතක  කරන්න එපා....
ඉතිං මම ඊලග  දවසෙ   කියන්නම් google webmaster tool site map  එක ගැන..  

එහෙනම්  ඉතින් ජය වේවා...!!

Happy Bloging....!!!! 

No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html