Pages

Friday, October 11, 2013

Hosted Adsense Account එක Non Hosted කරමු.

ඔන්න යාළුවනේ අද මම ඔයාලට කියනවා ඔයාලට ගොඩාක්ම වැදගත්වෙන දෙයක්..

ඒ කියන්නෙ මම අද ඔයලට කියන්න අදහස් කරා youtube හරහා ඔයාල මේ වෙනකොට ලබාගෙන තියන hosted adsense account එක Non Hosted කරන්නෙ කොහොමද කියල අද මම කියනව..

හරි අපි ඊට කලින් චුට්ටක් බලමු සරලවම hosted adsense account and non hosted adsense account කියන්නෙ මොකක්ද කියල.



Youtube හරහා ලබා ගන්නා Hosted Adsense Account එක.

හරි මම ඉතින් අලුතින් කියන්න දෙයක් නෑ මේ වෙනකොට ඔයාල දන්නව youtube හරහා කොහොමද adsense ලබගන්නෙ කියල... නේද...?
අපි දැන් බලමු මේ adsense account එක ගැන ටිකක්....
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

ඔයාල youtube හරහා adsense අයදුම් කර adsense ලබා ගත්තේ නම් ... ඔබට හිමි වනූයේ නිසැකවම hosted Adsense ගිණුමකි..  එය ඔබට් ඉහත රූපය  මගින්  බලාගත  හැකිය.
මේම Hosted adsense ගිණුම මගින් adsense add දැමිය හැකි වනුයේ youtube video/ google site/ blogs/ වලට පමණි.

hosted ගිණුම හරහා ඔබට top level Domain එකකට ඇඩ් දැමිය නොහැකිය.. ඔන්න දැන් ඔයාලට වැටහෙන්න ඇති youtube adsense ගිණුම ගැන යමක්..

දැන් අපි බලමු මෙන්න මේ Hosted adsense ගිණුම මගින් උපයන ආදායම කොහොමද කියල.. ඒ කියන්නෙ ආදායම අඩුවීමක් හෝ බෙදීමක් තියනවද කියල..

ඔබ youtube හරහා adsense ලබා ගෙන youtube චැනල් එක මගින් උපයන මුදල නම් කිසිම විටක බේදීමක් වෙන්නෙ නෑ.. ඔයා උපයන මුදල එලෙසින්ම ඔයාට 100%ම ලැබෙනව.. ඒක දැනට youtube ඇඩ්සෙන්ස් කරන අය දන්නව ඇති...

ඒ වගේම youtube harahaa ලබා ගන්න ඇඩ්සෙන්ස් ගිණුම මගින් ඔබගේ බ්ලොග් අඩවි වලටද ඇඩ් දැමිය හැකිය.

එහිදී කිසිදු ගැටලුවකින් තොරව ඇඩ් දර්ශනය වන නමුත් ඔබගේ බ්ලොග් අඩවිය google adsense policy එකට අනුකූල නොවන්නේ නම් ඔබගේ 100$ සම්පූර්ණ වන්නට මත්තෙන් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අත්හිටවනු ලබයි.. එම නිසා ඉතාමත් සැලකිල්ලෙන් බ්ලොග් අඩවි පවත්වාගෙන යන්න..

හරි දැන් අපි බලමු hosted adsense account එක බ්ලොග් වලට ගෙවන්නෙ කොහොමද කියල..

youtube video වලට 100% publisher ට ලැබෙන ආදායම ගෙව්වත්.. බ්ලොග් වලින් ලැබෙන ක්ලික් වඅලට නම් යම් අඩුවක් තියනව.. ඒක මන් දන්නෙ මා සතුව Non Hosteda adsense account එකක් තියන් නිසා..


අන්න ඒ නිසා මම කල්පනා කරා hosted adsense account තියන අපේ යාලුවන්ට hosted adsense account එක Non Hosted Adsense කර ගන්නෙ කොහොමද කියල කියල දෙන්න..

Hosted Adsense Account එක  Non Hosted කීරීම.

හරි ඔබගේ  Hosted Adsense එක  Non Hosted කරන්න  නම්  ඔබට යම්  කාලයක්  ශ්‍රමයක් වගේම  යම්  මුදලකුත් වැය  කරන්න  වෙනවා..
හරි  අපි දැන්  බලමු  මෙය  කරන්නෙ  කොහොමද  කියල  පියවරෙන්  පියවර..
1)  අලුතින්  බ්ලොග්  එකක්  පටන්  ගන්න. හොද  template එකක්ද  යොදන්න. footer link වෙනස්  නොකරන්න.ලස්සන  නිමාවක්    ගන්න.

2) එයට  .com  . net  හෝ .info වැනි  ඩොමෙන්  නාමයක්  ලබා ගන්න..

3) දැන් ඔබගේම  ලිපි   එහි  පල  කරන්න.. copy  කරන්න  එපා මොනම හේතුවක්  නිසාවත්..  image  උනත්  edit   කරල  දාන්න..  ඔය විදියට  දිනකට  ලිපි 2  බැගින් මාස  දෙකක්  විතර  නොකඩවා  කරන්න..

4)  දැන්  හොදට  SEO කරන්න  පටන්  ගන්න ( බැක්ලින්ක්ස්/ සයිට් මැප්/ ගූගල් ඇනලයිස්ටික් කෝඩ්) වැනි දේ..

5)  කෙසේ හෝ අවම  වශයෙන්  දිනකට   නරබන්නන් 40-50ක්   වගේම  impression (පිටු පෙරලීම) එක 100-150  වෙනකන්  ඉන්න.  ඒ  එන  අය බල  කිරීමකින්  හෝ  දැනුවත් කිරීමකින්  හෝ  එන  අය  නොව  search  Engine හරහා ස්වභාවිකවම  එන  අය  වෙන  තරමට  වඩාත්  සුදුසු  බව  අමතක නොකරන්න.

ඔන්න රජෝ  දැන්  පලවෙනි  කතාව  හරි..  දැන්  ඉතින් ඔය  ටික  වෙන්න බොහෝදුරට මාස 3-4ක්  යාවි.. එහෙම  තමයි  හරියට  වැඩ්ක්  කරනකොට  හොදේ...

දැන්  ඔයාගෙ  Hosted Adsense Account එකට ලොග් වෙලා  පහත  පියවරයන් අනුගමනය කරන්න..

පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න
ඔන්න  ඔය  රූපයේ විදියට Account settings  ගිහිල්ල Access And Authorization  කියන  තැන  පහලින්  තියන  edit  කියන  තෙන  ඔබන්න..  එහත  රූපය  බැලීමෙන්  ඔබට  එය  කරන  ආකාරය  පැහදිලි වෙයි..

හරි  ඔන්න  ඔහොම  එබුවහම ඔයාලට    New Window එකක්  එයි  මෙන්න  මේ විදියට
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

ඔය  ඉහත රූපයේ  ආකාරයට  ඔයාගෙ  site  එකෙ  link  එක  දාල submit කරන්න ...  
ඊට  පස්සෙ  Ad Unit වලට  ගිහිල්ල  New Ad Unit එකක්  හදල    ඒ  code   ඔයාගෙ  Site  එකට  දාන්න..
  ඔයා  ඔහොම  submit  කරපු  දවසෙ  ඉදල  දින  7ක්  ඇතුලත  අනිවාර්යෙන්ම  ඔයගේ  site  එක  Google Adsense policy  එකට  සරිලන  අකාරයෙන්  fully build up කරල  තියනවනම්   Google Adsense Tame  එක  ඔයාගේ  site එක  බලල  අනිවාර්යෙන්ම  හොදනම්   ඔයාට  මෙතෙක්  කල්  තොබුනු  Hosted Adsense Account එක Non  Hosted  Account  එකක්  බවට  පත්  කරල  දෙනව..  ඒ  කියන්නෙ  ඔයාගෙ  Adsense  Home  Page එකේ  තිබුණ
 Hosted  Account  කියන Label  එක  සදහටම  අයින්  කරනව..  අන්න  එත්කොට  ඔයාට  හිමි  වෙන්නෙ  ඔරිජිනල්ම  Non  Hosted Adsense Account   එකක් 

න්න   දැන්  ඔයාට පුලුවන්  ඔයාගේ ඕනිම  වෙබ්  අඩවියකට (නීත්‍යනුකූල)   Ad Code දමල.. adsense  හරහා  මුදල්  හොයන්න..   එතකොට   ඔයාලටම  තේරෙයි  Hosted Adsense  වලයි Non  Hosted  Adsense වලයි  වෙනස....

හරි  මන්  හිතනව මේ  පහැදිලි කිරීම ප්‍රමානවත්   වෙයි  කියල.. ගැටලු  තියනවනම්  අහන්න.. මන්    පිලිතුරු  දෙන්නම්  මන්  දන්න  විදියට,,,,

එහෙනම්  ජයවේවා ..!!!
Happy Adsenseing...


No comments:

Post a Comment

ඔබගේ අදස් හා යෝජනා චෝදනා මේ ඕනිම ප්‍රතිචාරයක් අපට ලබා දෙන්න..
සිංහලෙන් පහසුවෙන් කොමෙන්ට් කරන්න මෙම link එකට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html